💔 පස්වෙනි කොටස 💔

1.2K 287 70
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

පස්වෙනි කොටස..

නාදුනන හිතක්....

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

                         

                      හිතට අමුත්තක් දැනුනා..

යන යන තැනට හෙවණැල්ල වෙලා එන වැඩි ලස්සනක් නැති පොඩිම පොඩි කොලු ගැටයෙක්.. වයසක් හිතන්න බැරි දර ඉපල වගේ කෙට්ටු ශරිරයක්..  අදුරු හම , කැරලි කොණ්ඩේ එක්ක හිනාවක් නැති මූණක්..

*දැක්කම එපා වෙනවා... *

මගේ උඩු හිත ඈනුමක් පිට කලා...

*කිසි ලකයක් නෑ...*

ඌ ආයෙම කිව්වා...
පඩත්තරයා...
ඌ කියන්නෙ බොරු...

ලකයක් නැති මූණේ එකම එක තැනක උගේ නිවුන් සහෝදරයා නැවතිලා.. නිතරම ඇත්ත කියන යටි හිත මේ කොල්ලා ගැන වර්ණනාවක් කරනවා මට.. අහන් ඉන්නේ ඇයි...  මේ වගේ දුප්පත් කොල්ලෙකුට අයිති නැති ලස්සනක්  ලග මට ඉරිසියා හිතුනා...

හිනාව ගිලගත්ත මූණට කතා කරන කළු ඇස් දෙකක් කොහෙන්ද..?? මට ආව ලොකුම ප්‍රශ්නේ.. ඒවා රෑ අහසටත් වඩා කළුවරයි..  චූටි තරු කැට පොදිබදින හින්දා අමුතු දීප්තියකුත් නොතිබුනාම නෙවෙයි...

ගිලෙන්න හිතුනා මට ඒ ගැඹුරු ඇස් වල...  අනන්තයට යන පාරක් ගැන කසුන් කිව්වෙ මෙයාව දැකලද?? අහන්න හිතුනා ගිහින් ඒ ඇස් වල සදාකාලික අනන්තය හංග ගත්තේ කොහොමද කියලා මේ පොඩි වයසට...

ඒත් කවද්ද මං මගේ යටි හිත කිව්ව දෙයක් කරේ

මග ඇරියා මං ඒ ඇට්ටරයව..

ඒ ඇස් වලට මං ආස කරපු තරමට ඒවගේ මාව අතරමං වෙයි කියලා මං බය උනා...

"ඕයි විශාක්‍ය ඒ කොල්ලෙක්... "

උඩු හිත දෙකට නැව් නැවී හිනාවුනේ.. ඌට ආතල්... ඒත් මට ලැජ්ජ හිතුනා..  වදකාර ඇස් දෙකක් හින්දා මාව නිකං නෝණ්ඩි වෙනවා.. යටි හිත කොන් කරන උඩු හිතට බැන බැන ඇටකෝටු බබා ලගින් ඈත් උනා...

මටත් පිස්සු.. තර්ඩ් ක්ලාස් අනාත කොල්ලෙක් ගාව දැපනේ වැටෙන්න මට මොලේ විකාර නෑනේ.. මං මටම කියාගත්තා.. මගෙ ජීවිතෙට මීට වඩා ලස්සන බෝනික්කියෙක් හොයාගන්න බැරුවද??

හිතට දැනුනේ නොරිස්සුමක්..
ඒ පරණ ගද ගහන අනාත නිවාසෙන් එලියට බැහැලා මං පිරිසිදු හුස්ම ටිකක් හොයාගෙන දිව්වා... චුට්‍ටිම චුට්ටි වදකාර පුංචි පුංචි ලමයි පිරිලා ඒකෙ.. මේ ලෝකෙ අම්මලා තාත්තලා නැති ලමයි එච්චර ඉන්නවද කියලත් පුදුමයි මට...

මගේ දාහතරවෙනි උපන්දිනේ වෙනුවෙන් ගෙනාපු කැම බීම, ඇදුම් පැලදුම් ගාණට බෙදුනා.. මගේ අතේ තිබුන චුටි බ්‍රේස්ලට් ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් කී ටෑග්ස් ඔක්කොමත් එක එක දරුවන්ට දුන්නා.. උන් ආසයි ඒවට.. මේවා ලැබෙන්නෙම නැතුව ඇති..

* කමක් නෑ පිනක්නේ*...

යටි හිත මාව අස්වසනවා.. ඔව් පිනක්.. අම්මා බල නොකර ඕක හරි කලානෙ.. අම්මත් සතුටින් ලමයිත් සතුටින්..

ඒත් ඇයි එයාට විතරක් තාම මදී...

"මල්ලි ඔයාට තව මොනවද ඕනේ... "

මට කේන්තියි.. කරදරකාර මලවදකාර කැත කළු ඇස් මගේ පස්සෙන්ම එනවා..

ඔයාව... "

ගහෙන් ගෙඩි එන්න වගෙ කිව්ව ලස්සන.. මාව එයාට... හහ් මොකටද ...?? ඊටත් ඊටත් අර කළු ඇස් වල හැංගෙන්නද මට කියන්නේ...

"ආහ්හ්... මොකක්..  "

මං ඇහුවේ මොකුත් හිතාගන්න අමාරු නිසා.. පිස්සු කොල්ලෙක්.. විශාක්‍ය ධනූර්ටත් කට උත්තරත් නැති කරනවා.. ඒත් ඊටත් තමන්ගේ තත්වෙ දැනගෙන කතා කරානම් නරකද??? මැරිල ඉපදිලා එන්න වෙයි ටවුසෙට මං වගේ එකෙක්ට අයිතිවාසිකම් කියන්න...

"ඔයාට මාව ගන්නනම් ලේසි වෙන එකක් නෑ...  ආ මේක තියාගන්න .. මාව මතක් වෙන්න... අම්මෝ.. මරු විහිලුව ... "

මං හයියෙන් හිනා වෙලා අතේ තිබ්බ ඔරලෝසුව ගලවලා පොඩි එකාගේ අතට දුන්නා..  ඒකත් මේ කොල්ලට මහමෙරක් වටිවී.. ඒක බ්‍රෑන්ඩඩ් වොච් එකක් ... මූට ජීවිත කාලෙම හම්බ කරත් ගන්න බැරි..

"ඔයාව අමතක වෙන්නැ... "

ඔරලෝසුව එක අතකට ගුලි කර ගනිපු කොල්ලගෙ මිමිණුම ඇහුනා.. මං නෑහුනාවගේ හිටියා.. වැඩක් නැති හින්දම... අමතක කරලා දාන්න ඕනෙ උනා ඒ නාදුනන හිත.. බය හින්දා ඒ හිත මාව අදුනගනී කියලා...

ජීවිතේ තව දුරයි..

ඒත් ආයෙ මෙතෙන්ටනම් එන්නෑ.. හම්බෝ..

බයයි..

මටත් මාවත් නැතිවෙයි අර ඇස් ආයෙ මුණ ගැහුනොත් එහෙම...

❤️🖤❤️❤️❤️🖤🖤🖤❤️🖤❤️🖤❤️🖤🖤🖤

[ විශාක්‍යගේ දින පොතේ පිටුවකි..]

කැතයිද මංWhere stories live. Discover now