Mature❤

412 123 40
                                    

Zhan's Pov

මම දැනටමත් නැගිටුනේ භාගෙට ඇරලා තිබ්බ ජනේලෙන් මගේ මූණට වැටෙන හිරු එළියට මගේ ඇස් හුරු කරගන්න.
වෙනදා වගේම මම මුලින්ම ඇඳේ එහා පැත්තට බැලුවේ මගේ නපුරු කුමාරයා එතන ඉන්නවද කියලා බලන්න.
නෑ ඒත් මම හිතපු දේ වැරදි.
දැකපු දෙයත් එක්ක මගේ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුනේ මම එච්චරටම මගේ නපුරු කුමාරයාට ආදරේ කරන නිසා වෙන්නත් ඇති.
එයා ඊයේ වගේම තාමත් සැටී එකේ නිදි.

එයා එක පාරටම වෙනස් උනේ ඇයි කියන්න මමවත් දන්නේ නෑ🙂
ඔව් එයා මාත් එක්ක මේ දවස් ටිකේ හොඳට හිටියා.
කලින්ට වඩා පොඩ්ඩක් හරි හොඳට මට සැලකුවා.
ඒ වේලාවේ මට දැනුන සතුට දන්නේ මම විතරයි Bobo ඒ මම විතරයි😔

"ඔයාට මාව වදයක්ද Bobo...ඔයාට වෙන කවුරු හරි ඉන්නවද...ඔයාට මගෙන් ඈත් වෙන්න ඕනද Bobo...ඔයාට මගෙන් ඈත් වේලා තනියම ඉන්න ඕනද"
මට එයාගෙන් මේවා අහලා සැනසීමක් ලබන්න ඕන උනත් මට බෑ ඒක කරන්න.
ඔව් මට බයයි මට බයයි මම මෙහෙම ඇහුවම ඇත්තටම එයා මාව දාලා යයි කියලා.
මට බයයි එයා මගෙන් ඈත් වෙයි කියලා
මට ලෝභයි මේ ආදරේ වෙන කෙනෙක්ගේ වෙනවා බලන්න.
මට බෑ මගේ Bobo මගෙන් වෙන් වෙනවා බලන්න.
ඒකමයි මම කිසිම දෙයක් Yibo ගෙන් අහන්නේ නැතුව මගේ හිතේම හංගන් ඉන්නවා කියලා හිතා ගත්තේ.
ඒක කොච්චර වේදනාකාරී උනත් මම හිතාගත්තා ඒක කරන්න.

මම ඇඳේම ඉදගෙන කල්පනා සාගරයක ගිලුනේ සැටී එකේ අහින්සක විදියට නිදාගෙන ඉන්න මගේ නපුරු කුමාරයා දිහා බලාගෙන.

ඔව් එයා ලස්සනයි.
එයා ගොඩක් ලස්සනයි.
ඒ වගේම සීතලයි.
හරියට කුමාරයෙක් වගේ.
මට උනා ඒ තුරුලට ගිහින් ගුලි වෙන්න.
ඒත් බෑ
ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි කියලා මමම දැනගෙන හිටියා.

මම කල්පනා සාගරයේ ගිලිලා ඉන්නකොට එක පාරටම මගේ Bobo නැගිට්ටේ බය උන ඇස් දෙකකුත් එක්ක.
එක පාරටම ඒ ඇස් නැවතුනේ මන් ලඟ.
එයා මගේ ඇස් දිහා බලාගෙන හිටියේ කඳුලු පිරුන ඇස් දෙකෙන්.
මට ඕන උනා එයා ලඟට ගිහින් මොකක්ද මැණික උනේ ඔයාට ප්‍රශ්නයක්ද අඬන්න එපා මැණික කියලා එයාගේ ඇස් වල තියන කඳුලු පිහිදාන්න.

Destined to be LoveDonde viven las historias. Descúbrelo ahora