Love or anything❤

432 136 59
                                    

"අර කලු කාර් එක පිටිපස්සෙන් යන්න"
Yibo, Zhan ගේ මෝටර් රථයට නැගී එය පණ ගන්වාගෙන යන්නට ගත් පසුව තමාගේ රියදුරු වෙත කිවුවේ Zhan ගමන් ආරම්භ මොහොතකට පසුවයි.

"Okay Sir"

තම ස්වාමියාගේ අණ පිලිබඳ මදක් පුදුම උනත් ඔහු කීකරු ගෝලයෙක් නිසාත් ප්‍රශ්න අසා තමන්ගේ යාන්තමට තියෙන පණ කෙන්දට බායි කියන්න වෙන බව දැනගෙන කිසිම ප්‍රශ්නයක් නොඅසාම Zhan ගේ රථය පිටුපසින් ගියේ වේගය මඳක් අඩු කරමින් ඔහුට නොපෙනෙන ලෙසයි.

තම රථයේ සිට ඉතා ඕනෑ කමින් ඉවතට ඇස් දෙක යොමු කරන් Zhan ගේ රථය යන දිශාව දෙසත් අවට දෙසත් Yibo ඉතාම අවධානයෙන් බලා සිටියේ තමන්ට වුවමනා කෙන එනකනුයි.

අවසානයේ Zhan ගේ රථය Xiao cooperation එක ඉදිරිපිට නවතා ඉන් ඉවතට බැසගත් ඔහු තමන්ගේ කෝට් එකද පිළිවෙලට සාදාගෙන, Mask එකත් සකස් කරගෙන ඇතුලට යන්නට වුනා. එයත් සමගම තවත් කලු හැඳගත් දෙදෙනෙක් Zhan ඉදිරිපිටට පැමිණ යන මඟ පෙන්වන්න අතරතුර තවත් දෙදෙනෙක් ඔහුගේ ආරක්ෂාවට පිටුපසින් සිට ගත්තා.

Yibo මේ සැම දෙයක් ගැනම විමසුම් සහගත ඇස් දෙකකින් සහ බොහෝම ඕනෑකමකින් Zhan ඇතුළට යනකන්ම බලාගෙන තමන්ගේ දබර ඇඟිල්ල උඩු තොල මත සෙමින් යවන්නට වුනා.

"ඔයා මෙතනම ඉන්න...කොහෙවත් යන්න බෑ...සමහරක්විට Zhan තව පොඩ්ඩකින් ගෙදර යන්නත් පුලුවන්. එයා යනකොටත් එයාගේ පස්සෙන්ම යන්න...පොඩි හරි වැරැද්දක් වෙන්න බැහැ. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ටක් ගාලා මට කෝල් එකක් දෙන්න. තේරුණාද?"

"ඔව් සර් මට තේරුණා. මම කියපු විදියටම කරන්නම්" නළලේ දාඩිය ටික පිහදාන ගමන්ම රියදුරු ගොත ගගා පැවසුවා.

Yibo තමන්ගේ ඇඳුම නිවැරදිව හදාගනිමින් කාර් එකේ දොර විවෘත කර හිස වනා ඉවතට බැස යන්නට හදන විටම ආයෙම රියදුරු කතා කරා.

"එතකොට සර්...."

රියදුරු යමක් අසන්නට යනවිටම එකවරම තවත් කාර් එකක් පැමිණ එතන නැවත්තුවා.

"මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඉක්මනට මට කතා කරන්න...."
Yibo එහෙම කියලා කාර් ඒකේ දොර විවෘත කරගෙන අනිත් කාර් එකට නැග්ගේ තමන්ගේ office එකට යන්නයි.

Destined to be LoveWhere stories live. Discover now