💔 හත්වෙනි කොටස 💔

1.1K 268 85
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

හිනැහෙන්නම්...

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

ජීවිතේ සතුටින් විදින්න ඕනෙ මොනවද කියලා දන්නවද???

සමහරඅය කියයි,

සල්ලි..
බලය..
ආකර්ෂණය..
වාසනාව..
පවුල...

ඒත් මට අනුව නම් තමන් ආදරේ කරන කෙනාගේ එකම එක හිනාවක්.. .

මම එහෙම කියන්නේ ඒ සතුට මම අද අත්විදින හින්දා...

විශාක්‍යගෙන් අහම්බෙන් ලැබුන හිනාවක් හින්දා මම ඉන්නෙ අහසේ පාවී පාවී.. ඒ හිනාවට හිත කොයිතරම් සතුටෙන් උමතු උනාද කිව්වොත් , ආපු ආවේගය මං පාලනය කරගත්තෙ තට්ටු හතේ පඩිපෙල දිගේ උඩට පහලට දුවලා.. මහා මිනිහෙක් වගේ සතුට දරාගන්න ගියානම් මගේ පුංචි හදවත කෑලි වෙන්න තිබුනා..

*විශී...
විශී...
විශී....

ඔයා මාව පිස්සෙක් කරලා මහත්තයෝ...*

මං මගේ හින ලෝකේ රජකරන් ඉන්න විශාක්‍යව ඇදලා අරගෙන ඒ රෝස තොල් විනාඩියකට මගේම කරගත්තා.. ඒක උද්වේගකර හාදුවක්.. ආදරෙන් පිස්සු වැටිලා මම විශීගේ උඩු තොල, යටි තොල මාරුවෙන් මාරුවට මගේ නග්න තොල් අතරේ පොඩි කලා..

"හිනාවෙනකොට කොයි තරම් ලස්සනයිද ??... ඇයි හැමදාම මගෙත්තෙක්ක හිනාවෙන්න බැරි අද වගේ... "

මං ඇහුවේ ඒ බලල් ඇස් වල අතරමං වෙලා... ඒ බළල් ඇස් ආදරෙන් දිලිසෙද්දී මට මැවිලා පෙනුනේ උදේ පාන්දර එයාගේ වීදුරු මාලිගාව ලගදී මං වෙනුවෙන් පලවෙනිම වතාවට එයාගේ තොල් අතර මැවුන හිනාව..

****************************

                      විශී මාව ඇඩෙව්වා.. මිනැස් මාව නැලෙව්වා.. ඒත් එදායින් පස්සේ සතියක් විතර යනකම්වත් මට හයියක් තිබුනේ නෑ විශාක්‍යගේ ඉස්සරහට යන්න.. හිත බයේ ගැහුනා ආයේ මගේ ආදරේ මාව නොසෑහෙන්න රිද්දයි කියලා.. වරු ගණන් නිදි ඇදේ කොට්ට තෙත් කරලා හදාගනිපු හිත ආයේ කඩාගන්න බැරි කමට, කොහේ හරි මුල්ලක හැංගිලා විශාක්‍ය ඔෆිස් එකට යන එන හැටි බලල සැනසෙන්න පුරුදු උනා මම.. එයා මට කොච්චර බැන්නත් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න අමාරුයි...

කැතයිද මංWhere stories live. Discover now