💔 අටවෙනි කොටස 💔

1.1K 273 112
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

සිනහා.. කදුළු....

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

නුපුරුදුම උණුහුමක් ඒක..
අඩසිහිය හොරා ගනිපු...
ආදරණීයම ස්පර්ශයක් එය..
අයිතිකරු කවුදැයි දැනන් නොඉදපු..
හිතින් මොර දිදී ඇහුවත්
රිදුම් දුන් දෑස් අවසගව පියවුණු,
හැංගුව ඒ දහදිය පුසුඹ
දැනුදු දැනෙනවා,
හිත අවදියෙන් තබපු...

                                                    ඒසී කාමරය ඇතුලෙන් දවස් තුනක් හිත නොඉවසිල්ලෙන් හෙව්ව සුවදක් දැනිලා ඔලුව උස්සපු මට, නොදැනීම අහුවුන මර උගුලෙන් බේරෙන්න ඕනෙ උනා... අවුරුදු ගාණකට කලින් අමතක කරපු නපුරු හීනයක් මගේ ඇස් ඉස්සරහටම ඇවිත්.. උඹලා කියන්නේ මටත් නොදැනී මගේ හෙවණ යට අනන්තය හංගගනිපු ඇස් අවුරුදු දෙකක්ම ජීවත් වෙලා කියලා පිලිගන්න කියලද??...

කොහොමද ????

කොහොමද ඌ එහෙම කලේ... ???

කොහොමද ????

කොහොමද ඌ මාව හොයාගත්තේ... ???

කොහොමද ????

කොහොමද ඌ මාව ආයේ අනන්තයක හිර කරගන්න මාන බලන්නේ... ???

""මොකද තමුසේ බලන් ඉන්නේ... "

හදවතෙ ගැස්මන් වේගේ වැඩි කරද්දී, මං මට පුලුවන් එකම හපන්කම කරා.. බනිනවා , කෑ ගහනවා , හිත් රිද්දනවා..

හිත්???....

නෑ.. අර කැත කොල්ලගේ නපුරු හිත විතරයි...

මගේ සැර වචන වලින් ඒ අදුරු පාට මූණ ගැස්සුනා.. ගැඹුරු කළු ඇස් වල සොරබොර වැව ගාණට කදුළු පිරුණා.. තද දුඹුරු යටි තොල දත් වලට අහුවුනා.. ඒ සිහිලැල් වූ ආදර ආගන්තුකයා දුකෙන් මිරිකෙද්දී ඔව් අන්තිමට මං ඒ ඇස් දෙකේ මායාවෙන් මිදුනා..

කළු ඇස් මගේ කැබින් එකෙන් කුණාටුවක් වගේ පිටවෙලා ගියා..

"මොකද්ද මිනිහෝ ඒ කල කැත වැඩේ... "

යටි හිත විතරයි මට දෙස් දෙවොල් තිබ්බේ...

"මරු වැඩේ ඒක.."

නරුම උඩ හිත උඩ පැනලා නටද්දී අයර්ෂා මගේ දිහාට හාදුවක් පා කලා.. අයර්ෂා මගේ එකම ආදරේ, මගේ ජීවිතේ, මගේ ලෝකේ, මගේ හීන , මගේ බලාපොරොත්තු මගේ හැමදේම...

කැතයිද මංWhere stories live. Discover now