💔 නමවෙනි කොටස 💔

1.1K 268 96
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

මට ද මම අහිමි...

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

                               
                                     වෙරලටත් තියනවා ලග තියාගන්න පිං නොකල ආදරයක්.. විටින් විට ඇවිත් ගියාට ලග තියාගන්න බැරි ආදරයක්.. වෙරල හැමදාම එකම තැන නැවතිලා ඉදිද්දී රැල්ල විතරක් මහ මුහුදයි ගොඩබිමයි අතර එහා මෙහා යනවා..

සිහිලැල් වෙරලක්නම් ඒ වෙරලේ තාවකාලිකව ලැගුම් හොයන මුහුදු රැල්ල විශාක්‍ය.. ඒත් ඒ රල අයිති අයර්ෂා කියන සාගරයට..

කිරිම කිරි පාට රල බිදිති මගේ කකුල් තෙමාගෙන ගලන් ගියා.. අද සිහිලැල් මූදු වෙරලේ.. හැලහැප්පීම් මැද ගෙවුනු සතියක අවසානයේ සැනසෙන්න ඇවිත්.. කාත් කවුරුවත් නැති පාලු ජීවිතේ ඉරිදා දවසෙන් වරුවක් ගාලුමුවදොරට ලියවුනේ හැමදාමත් පාළු ගෙදර හිරවෙන්න හිත ආස නැති නිසා...

නිදහස්...

මට මූහුද දකිද්දී එහෙම හිතෙනවා... කොයි තරම් සෙනග පිරිලා හිටියත් කොයි තරම් කරච්චල් කන් දෙකට ඇහුනත් මුහුද දිහාම බලාගෙන හිත නිවන භාවනාවක දැහැන්ගත වෙන්න මට පුළුවන්..

"ඕ කමොන් විශී අපි චුට්ටක් රැල්ල පාගමු... "

පුරුදු හඩක් මගේ දැහැන බිදගෙන කණ් දෙක හොයාගෙන ආවා.. කටහඩටත් වඩා "විශී" කියන වචනේ හින්දා වෙන්නෝනෙ, අයර්ෂා මිස්ට මුහුද එක්ක තිබුනු මගේ කුටු කුටුව නවත්තන්න පුලුවන් උනේ...

ලස්සනයි..

හිත මොරගෑවා..

විශාක්‍ය ධනුර්, කළු පාට පොකට් ෂෝර්ට් එකටයි සුදු පාට ටී එකටයි අමුතුම කඩවසම් පාටකින් පෙනුනා.. බෙල්ල ගාවට දිග සිනිදු කෙහෙරැලි මූදු හුලගට තාලයක් නැති නර්ථනයක් කරද්දී මං වශී වෙලා බලන් හිටියේ, විශාක්‍යගේ මූණෙ පිපිලා තිබුන හැඩකාර හිනාව දිහා.. සුදු නෙළුමකටත් වඩා පිංවන්තයි ආදරණීයයි...

"ලස්සන කපල් එකක්.. "

මට එහාපැත්තේ හිටපු ගෑණු ලමයෙක් එයාගේ යාළුවට කිව්වා.. හුම්ම් ඇත්ත.. ලස්සනයි දෙන්නම.. ආදරණීයයි දෙන්නම.. එයාලා කිසිම අඩුපාඩුවක් නැති ජෝඩුවක්.. කිසිම හිස්තැනක් නැති.. හිස්තැනකට ඉඩකුත් නැති...

කැතයිද මංWhere stories live. Discover now