💔 අවසාන කොටස 💔

1.7K 303 136
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

ඔබ නමින්...

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

"ලබ් දබ් ... ලබ් දබ්...

ලබ් දබ් "

ආදරණීය හදවතක රාවයන් ආසාවෙන් අහගෙන, මගේ පපුවට කණ තියන් දොයියන චූටි දුවගෙ මූණෙ හිනාවක්.. හීනෙන් සුරංගනාවන් ඇවිත් දෝණිගේ තාත්තා දූට ගොඩාක් ආදරෙයි කියනවලු..

මම මගේ දෝණිගෙ සිනිදු කොණ්ඩ කැරලි ආදරයෙන් ඇගිල්ලෙ පටල ගත්තා.. මගේ දෙව්රාධා... මගේ පුංචි දේවතාවිය...
දෛවයේ සරදමෙන් ගිලිහෙන්න ගිය ජීවිතේ නූලෙන් බේරලා දුන්න මගේ හදවතේ අයිතිකාරයාගේ නමින් ලෝකේට ආව සූටික්කිය..

මගෙයි අයර්ෂාගෙයි දරුපැටියා උනාට , මගේ කෙල්ල මම වගේවත් අයර්ෂා වගේවත් නෙවෙයි.. තද දුඹුරු පාට හම, තද කළු ඇස්, කැරලි කොණ්ඩය මට මතක් කලේ ඉස්සර මගේ හදවතෙන් හරී අඩකට හිමිකම් කිව්ව පොඩි එකාව.. මගේ දූ මැණික දකින වාරයක් වාරයක් ගානේ මම විශ්වාස කලා සිහිලැල් එයාගේ අයිතිය හොයන් ආවා කියලා.. එයා ප්‍රාර්තනා කලා වගේ, මාව සම්පූර්ණයෙන්ම එයාගේ කරගන්න ආවා කියලා...

ඔව් එයාගේ..

අයර්ෂා අතට ගත්තත් දෝණි අඩනවා.. ඒත් එයා මං ගාව දැවටෙන්නේ චූට්ටං පූස් පැටියෙක් වගේ.. අයර්ෂාට මං ගාවට එන්නත් ඉඩක් නෑ.. තොල බිද බිද දුක කිය කියා අඩන හැටියට මට තේරෙනවා,

මගේ කපටි කෙල්ලට විතරයිලු දැන් මාව අයිති..

"විශී දෙන්න දෝණිව.. කිරි චුට්ටක් දෙන්නෝනෙ.. "

අයර්ෂා ඇවිත් දෝණිට අතපෑවා.. දෝණි කොයි තරම් අයර්ෂාව ප්‍රතික්ෂේප කලත් එයා ආදරෙයි මහා හුගක් දෝණි මැණිකට..

"හරි.. "

සැපට හීන දකින චූටි දෝණිව අයර්ෂා අතේ තියලා, මම ආවේ මගේ කාමරේට.. අපේ වෙඩින්ග් ෆොටෝ එක ලගින්ම මේසෙ උඩ තිබුනු සිහිලැල්ගේ පිංතූරයත් තුරුල් කරන් මම ඇදට වැටුනා..

හාදුවකින්වත් අදටත් ඉදුල් නොකල මගේ ආදරය.. වීදුරූ මූණත උඩින් සිහිලැල්ගේ අහිංසක මූණ මම හිමීට මහපටැගිල්ලෙන් පිරිමැද්දා...

කැතයිද මංWhere stories live. Discover now