💔 පසුවදන 💔

1.5K 301 198
                                    


                       කාටත් කලින් මාගේ වෙන්න,
               ආයෙ ලබන ජන්මයේ
                      ඔබෙ අත ගන්නට ඒ භවේ....

විශාක්‍යගේ ජීවිතයේ සදාතනික ප්‍රාර්ථනාව...
මග හැරුනු ආදරය...

සිහිලැල්..

අයිතියක් හොයන්නැතුව ආදරය කල පිරිසිදු ආත්මයක්.. හාදුවකින්වත් කිලිටු නොවුනු හදවතේ බැදීමක වටිනාකම විශාක්‍යට කියලා දුන්න අපූරුම මායාවක්.. එකම හිතින් පෙම් කල ශක්තිමත් ප්‍රේමවන්තයෙක්..

ජීවිතයේ කිසිම දෙයක් ලග නැතුව හීන පස්සෙ දුවපු අහිංසකයෙක්..
අන්තිමේ ඒ හීන හැබෑ වෙන මොහොතක දෙවොයන්ගේ නියමයටත් පිටින් ගිය කැරලිකාරයෙක්..

එයා දේව දූතයෙක් මනුශ්‍යෙකුව ජීවත් කෙරුව.. එයා පිංකාරයෙක් පව්කාරයෙක් වගේ ඉපදුන..

එතකොට අයර්ෂා...

එයත් ප්‍රේමවන්තියක්, අයිති කරගන්නම ලෝභ කරපු.. ආදරයට අවංක වුන, කොයි මොහොතකවත් විශාක්‍යගේ අත නොහැරපු..
එයා අම්මා කෙනෙක්, තමන්ගේ සැමියාගේ පෙම්වතාගේ රූපය දරාන ඉන්න ගෑණු දරුවට අසීමාන්තිකව ආදරය කරන..
එයා බිරිදක්, තමන්ගේ කාමරේ මගුල් පින්තූරය ලගම සැමියාගේ පෙම්වතාටත් ඉඩක් වෙන් කරන්න දුන්න..

හිත රිදෙන්නැති.. ඒත් අයර්ෂා කවදවත් විශීව රිද්දන්නෙ නැතුව ඇති.. ඉවසන්න ඇති, ආදරය හින්දම නොදැක්කා වගේ ඉන්න ඇති...



එතකොට විශී...

හැමදාම පසුතැවෙන්න ඇති.. හිත යටින් පිච්චෙන්නැති.. ජීවිතේ අහංකාරය කරපු එක වරදකට ගෙවෙන හැම දවසකම වන්දි ගෙවන්න ඇති..

විශාක්‍ය ධනුර් බණ්ඩාර, නුවර ඉහල පෙලේ වලව්වක උරුමය. හිත කිව්ව අමුතු කතා පිලිනොගන්න දාහක් හේතු තිබුනා කොල්ලට.. යටි හිත අමුතු කතා කිව්වම, එයාට උඩු හිත කිව්වෙම අපිට පිස්සු  කියයි කියලා..

කවුද?? සමාජය...?? පවුල...??

එයාගේ වැදගත්කම...??

රටේ නීතිය??

කවුරු කොහොම කලත් කිව්වත් අන්තිමට ආදරයට බයවුන විශාක්‍යට ඉතුරු උනේ වේදනාව..

අයර්ෂාව බැන්දත්, සිහිලැල් වගේම දෝණියකට තාත්තා උනත්, අම්මගේ තාත්තාගේ නම්බුව රැක්කත් විශාක්‍ය සතුටින් හිටියා  කියන්න කාටවත් බැරිවෙයි..

හදවත ගැහෙන හැම වෙලේම මතක් වෙන මතකේ අතරෙ එයා හැමදාම විදවන්න ඇති...

ආයෙත් ලබන ආත්මයක් එයා පතන්නෙ ඒ හින්දා වෙන්නැති..
කරපු වැරදි හදාගන්න..

අපිත් ප්‍රාර්තනා කරමු, මතු භවයක ඒ පැතුම් ඉෂ්ඨ වෙන්න කියලා...

කතාව ලිව්ව මම ආදරවන්තයෙක් නෙවෙයි.. ආදරයෙන් සාර්ථක වෙලත් නෑ.. පරාජිතයෙක් මම.. මේ අපි කාටත් වැරදෙන තැන් ජීවිතයේ.. ආයෙත් හදාගන්න බැරි වැරදි..

හිත රිදිලා පැත්තකට වෙලා ඉන්නකොට අපිට හිතෙනවානෙ මෙහෙම නොවුනනම්...

අන්න එහෙම නොවුනනම් අපිත් සිහිලැල් වගේ සම්පූර්ණ ආදරවන්තයෙක් වෙයි...

මං දන්නෑ මං මේ කතාවෙම අකුරු කලේ මගේ හැගීම්...

තේරුමක් තියේද නැද්ද ..
ලාමකද නැද්ද..
බොලදද ??

මන්දා.. 

අවසානය හොදද නැද්ද මංද..

කොහොම උනත් සිහිලැල් තරම් මම මානුෂිය නම් නෑ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කැතයිද මංWhere stories live. Discover now