02 කොටස

713 212 67
                                    

පසුදා පූර්වභාගයෙ දී ජන්කුක් ට මාලිගය අතහැර දමා ශින්දෙ ගම්මානයට යෑමට සිදු වූයේ හිස් අතින්මය. මහරජු ගෙ නියෝග අනුව ඔහුට කිසිදු කලමනාවක් රැගෙන යාමට මහ රජු තහනම් කල නිසාවෙන් ඔහු හිස් අතින්ම, සාමාන්‍ය ගැමි වේශයෙන් සෙබල පිරිසක් සමග එහි ගිය අතර, ශින්දේ ගම්මානයහි මායිම දක්වා අසු පිටින් ගියත්, එහිදී ඔහු අසුන්ව සෙබලුන්ට බාර දී ශින්දේ ගම්මානයේ මායිමට අඩිය තැබුවේ කෝපයෙනි.

ඒ වන විටත් ජන්කුක් මහරජු ගැන කෝපයෙන් පුපුරා හැලෙමින් සිටි අතර, මහරජුට පමණක් නොව උප බිසවට හා සොයුරු ටේහ්‍යුන්ට පවා ශාප කරමින් ඔහු ශින්දේ ගම්මානයට ප්‍රවිශ්ඨ වූයේය.

ඇතුලු නුවරින් බොහෝ දුරක පිහිටි එම ගම්මානයට ප්‍රවිශ්ඨ වන විටත් මධ්‍යහනය උදා වී තිබුණු නිසා ජන්කුක් හට දැනුනෙ දැඩි කුසගින්නකි. ඒ වන විටත් ගොවිතැන් කටයුතු අවසන් කොට ඒවායින් තාවකාලික විරාම ලබා දහවල් ආහාරය සඳහා නික්ම ගිය ගොවීන් නිසා ගම්මානය වටා තිබෙන හරිත පැහැ ගොවිබිම් වල දක්නට ලැබුනේ පාලුවකි.

එහි පාලුව මකා දැමීමට කුරුල්ලෙකු නගන නාදයක් ඇරුණු කොට කිසිවක් ඇසුනේවත් දර්ශනය වූයේ වත් නැති උනත්, ගම්මානයෙ සොඳුරු පරිසරය මාලිගාවේ සිරවී සිටි යුවරජු නම් තනතුරෙන් හෙලනු ලැබූ යදම් වලින් බැදී සිටි ජන්කුක් හට අස්වැසිල්ලක් ගෙන එද්දී ඔහු තම දෑස් පියා ගත්තේ යම් සතුටක් ඔහුගෙ සිතට දැනෙද්දී.

"මේක රස පාටයි"

"අයියණ්ඩී...... නොහැකියි ඔබට මෙය දෙන්න. මමයි ආයා නැන්දාගෙන් ආයාචනා කර මෙය ඉල්වා ගත්තේ වැඩි අයිතිය මා හටයි. නොවෙද???"

"මා පැවසූවානේ ජිමින්. මමයි වැඩිමලා. මටයි වැඩි අයිතිය!!!"

"ඔබ මට වඩා වැඩි මල් වනුයෙ දින කිහිපයකින් පමණයි අයියණ්ඩි. මෙය මා හට දෙන්න. අයියණ්ඩි මා අමනාපයි ඔබ සමග"


"කවුරුද යුවරජ ජන්කුක් ගෙ සිතුවිලි වලට බාධා කරන නිවටයන්!!!"

තමාටම කෝපයෙන් කියා ගත් ජන්කුක් දුටුවෙ ඔහුගෙම වයසේ හෝ ඔහුට වඩා මදක් වයසින් අඩු යැයි සැලකිය හැකි පිරිමි ලමුන් දෙදෙනෙකු කුඩා දරුවන් දෙදෙනෙකු මෙන් බඩ ඉරිඟු කරලකට රණ්ඩු වන අයුරු.

𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓Where stories live. Discover now