05 කොටස

634 192 108
                                    

සතියකට පසු

"අහ් ජන්කුක් හිමින්..... මදක් හිමින්..."

"ජිමින් ඉතිරිව ඇත්තෙ තව බොහොම පොඩ්ඩයි. මදක් ඉවසගෙන සිටින්න කො....."

"අහ්... තවත් නොහැකි, ඔබගෙ වේගය වැඩියි"
කෝපයෙන් කෑ ගැසූ ජිමින් ජන්කුක් හා ඔහු ඔසවාගෙන ආ විශාල පෙට්ටගම සාලය මැදම බිමට අත ඇරියා.

"කුමක්ද කලෙ ජිමින්. අපට මෙය කාමරය දක්වා පමණයි ගෙන යෑමට තිබුණෙ. ඔබ කුමන හේතුවක් උඩද මෙය මෙතැන අත ඇරියෙ.. ආ..?"
ජන්කුක් කෑ ගැහුවෙ ජිමින් දෙස කෝපයෙන් බලන ගමන්.

"මෙය හොඳින් අසන්න රතු පැහැති කමිස කොල්ලා..... මෙය මගෙ නිවසයි. මට අවශ්‍ය තැනක මා හට නිවසේ භාණ්ඩ තැබිය හැකියි"
ජන්කුක් ට නොදෙවනි ලෙස කෝපයෙන් ජිමින් කෑ ගසද්දී ජන්කුක් නලලට අත තබාගෙන කල්පනා කලා.

"එක මගේ කමිසය රතු පැහැ නැහැ. ඔය නාමයෙන් මෑ හට ඇමතීම වහා නවතනු. දෙක  මාමා පැවසූ තැනෙනුයි මා මෙය තබන්නෙ. ඔහු නුඹට කීවා මා හට සහය දෙන ලෙස. දැන් නුඹ නුඹේ ඔය මුව වසාගෙන මෙය ඔසවන්න"

ජන්කුක් කෝපයෙන් කීවේ කුඹුරු වැඩවලට වත් සහය නොදී නිවසේ සිට කෙලිදෙලෙන් දවස පුරා කුඩා දරුවන් සමග සෙල්ලම් කරමින් ගත කරන ජිමින් හට මෙවැනි සුලු කාර්යයක් වත් කල නොහැකි වීම ගැන නොසතුටෙන්.

"ආ..... මට බෑ......."
ජිමින් මුහුණ ඇඹුල් කරගෙන කෑ ගැසුවා.

"එසේද? නොහැකීද? නමුත් මන්ද?? ආ.....? මෙවැනි කාර්යයකට සහය දැක්වීමට නොහැකි නුඹේ ප්‍රයෝජනය කුමක්ද හැබෑවටම ආ? කුඩා දරුවෙක් නෙවෙයි නුඹ."

"ඔ...බට.... නොහැ....කී එලෙස මා හ....ට පව...සන්න....."
ගොත ගසමින් කී ජිමින් එතැනම ඉඳගෙන අඬද්දී ජන්කුක් ඔහු දෙස කෝපයෙන් බලාගෙන හිටියෙ මෙවන් සුලු කරුණකට ඔහු ඇඬීම ගැන කෝපයෙන්.

"නවතා ගනු ඔය ඇඬිල්ල!! කුඩා දැරියක් වත් එලෙස නෑ අඬනුයෙ"

ජන්කුක් කෝපයෙන් කෑ ගසද්දී ජිමින් ගෙ ඉකි බිඳුම මහා ඇඩිල්ලක් බවට පත් වෙද්දී ඒ වන විටත් කුඹුරෙ සිට පැමිණ තම මව සමග කුස්සියෙ අල්ලාප සල්ලාප හි යෙදී සිටි ජින් දුවගෙන ආවේ කුමක් සිදුවීද බලන්න.

𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐦𝐩𝐢𝐫𝐞 | Jikook ✓Where stories live. Discover now