Chapter [02]🍁

160 38 18
                                    

ජර්මනිය ලොව උත්තරීතරම රාජ්‍ය බවට පත් කිරීමේ අරමුණින් හිට්ලර් විසින් දියත් කරනු ලැබූ නාසිවාදය පැතිරවීමේ එම මෙහෙයුම,ඔස්ට්‍රියාව චෙකොස්ලොවැකියාව සහ සුඩෙන්ටන්ලන්තය ආක්‍රමණයෙන් සෑහිමකට පත්වන්නට ඔහුට නොහැකි විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජර්මනිය ලොව උත්තරීතරම රාජ්‍ය බවට පත් කිරීමේ අරමුණින් හිට්ලර් විසින් දියත් කරනු ලැබූ නාසිවාදය පැතිරවීමේ එම මෙහෙයුම,ඔස්ට්‍රියාව චෙකොස්ලොවැකියාව සහ සුඩෙන්ටන්ලන්තය ආක්‍රමණයෙන් සෑහිමකට පත්වන්නට ඔහුට නොහැකි විය.ඔහුගේ සහ ඔහුගේ කණ්ඩායමෙහි මීළඟ සැලසුම වූයේ අසල්වැසි පෝලන්ත රාජ්‍ය ආක්‍රමණයයි..

වර්ෂ 1939, අගෝස්තු මස (ජර්මනිය)

ජන්ග්කුක් හමුදා සේවයට බැඳිලා දැන් වසරකටත් වඩා කාලයක් ගතවෙලා.. ඔහුගේ පුහුණු කාලයෙන් පසුව ඔහුව කෙලින්ම යෙදවූයේ යුධ පෙරමුන වෙත..ඔස්ට්‍රියා ආක්‍රමණයේදී මිනිසුන් දසදහස් ගණනක් ඔහු අතින් මියැදෙන්නට ඇති..නමුත් එය ඔහුගේ හිතට මහත් වදදෙන කාරණයක් වුනා..ඔහු කිහිප සැරයක්ම තම පියාට ලිපි මඟින් අයැද සිටියා ඔහුට නිවස වෙත නැවත පැමිණීමට අවශ්‍ය බව..නමුත් පියාගෙ දැඩිබව නිසාම ඔහුට ඒ සඳහා අවසරයක් ලැබුනේ නැහැ.

යුධ බිමේදි පවා ජන්ග්කුක් හරිම නිහඬ චරිතයක් වුනා..ඔහුට ඔහුගෙ සිතේ ඇති වේදනාව පවසන්නවත් කිසිම කෙනෙක් යුධ පිටියෙ සිටියේ නැහැ.මොකද කියනවා නම්,එහි සිටි සියල්ලක්ම පාහේ සිටියේ හිට්ලර්ගේ ම්ලේච්ඡත්වය ඉහ මුදුනෙ තබාගෙන..මේ නිසාම ජන්ග්කුක් හිතේ තිබෙන හැම වේදනාවක්ම තමන්ගේ දිනපොතේ සටහන් කර තැබුවා..

ඇහිපිල්ලමක් ගසන සැනින් කාලය ගත වී ගියා..අගෝස්තු මස අවසන් දින කිහිපයේ එක් දිනෙක සියලුම හමුදා බටයින් හට,එනම් යුධ ගුවන් සහ නාවිකයින් යන සියල්ලන් හටම හිට්ලර් සහ ත්‍රිවිධ හමුදා සෙන්පතීන් විසින් නිවේදනයක් නිකුත් කර පවසනවා ඔවුන්ගේ මීළඟ සැලසුම පිළිබඳව සහ එයට සූදානම් වන ලෙස..මෙය ජන්ග්කුක්ට තරමක් සිත්වේදනා දෙන්නක් වුනා..ඒ මොවුන්ගේ මීලඟ සැලසුම දියත් වන්නේ,එනම් මීලඟ ලේ වැගිරීම සිදුවන්නෙ තමන්ගේ උපන්දිනය දවසේ නිසයි....

-тнє ωєαρση σƒ ℓσνє-🔞🍁 (Ongoing)Where stories live. Discover now