10

323 68 4
                                    

මම ගෙට දුවලා ගියා...අයියලා පස් දෙනා එක පොදියට සෝපා එකේ ගුලි වෙලා..තාත්තා නම් ලෝක විනාසේ වෙලා වගේ අම්මා පොතක් කියෝනවා...
අර මල යස්සනී කාමරේ ඉදන් බඩු පොලේ ගගහා අඩනවා...යකො ඒකිගේ අම්මාගේ අප්පගේ ඒවද් දන්නෙ නෑ පොලේ ගහන්න ..හුටා..ඔව්නෙ..ඒකිගෙ අම්මාගෙ අප්පාගේ ඒවනේ...

💫 මේ...මොකෝ හලෝ එමාට වෙලා තියෙන්නේ...

🐑 උඩට නම් යන්න එපා..

💛 ඇයි අයියේ...අක්කාට මොකෝ...

💫 අම්මේ...කියන්නකෝ..

👩 මේකයි උනේ...අක්කා කුස්සිය අස් කර කර ඉද්දි මම එලියට ගියා...මම එද්දි එයා මොනාද කූරූ ගානවා...එමා මම එනවා දැකලා අනිත් පැත්ත හැරෙද්දි කොන්ඩේ ගෑස් ලිප උඩට වැටුනා...ඉතින්..කොන්ඩේ බෙල්ල මුලින් කපන්න උනා..

💫💛 අප්පටසිරි...

මමයි එරිකුයි එක පිම්මට උඩට දිව්වා...එමා කොන්ඩෙට ගොඩක් ආදරේයි...එයා කොන්ඩෙට සැලකුවේ දෙයියෙක්ට වගෙ..

🌻 හුවෑ....හුවෑ....

💫 එමා...

🌻 එපා මා දිහා බලන්න...මම දැන් ගොඩක් කැතයිනේ....කොන්ඩෙ නැතුව මම කැතයි...

💛 මැජික් එකක් කරමුකො..

🌻 හුවෑ....බෑ....මට ඕන මගෙම කොන්ඩේ...හුවෑ...

එමා අත් දෙකෙන්ම මූන වහං අඩනවා...එරික් එමාගේ උරහිස් වලින් අල්ල ගත්තා..

💛 අපෝ..අඩනවද.....

🌻 හුවෑ..

💛 ඔයා කොහොමත් ලස්සනයිනේ අක්කියෝ....දැන් අත් දෙක ගන්නකෝ...ම්ම්...

එමා අත් දෙක මූනෙන් අයින් කර ගත්තා...හත්තික්කේ....යකෝ..

💛 ඒයි...මට මොංගල්...මට දැන් නම් තමුසෙලා දෙන්නව වෙන් කරලා හොයාගන්න බෑ..

ඒක ඇත්ත....කොන්ඩෙ කැපුවම මායි අක්කායි ට්වින්ලා වගේ....කොහොමත් එහෙමනේ....

🌻 කැත නැද්ද..

💫 පිස්සුද අනේ...ඔයා දැන් මම වගේමයි..එන්න අපි පහලට යමු......

අපි පහලට යද්දි ඔක්කොම පුදුම වෙලා..

🦈 අප්පට සිරි....එමා...එමී...කවුද ඔයාලාගෙන් එමා..

🐑 ඉවරෙටම ඉවරයි...දැන් මුන් දෙන්නම එක වගේ...

🐹 කාවද බයිට් එකට ගන්නේ...මට පැටලෙනවා අෆ්ෆා..

💫 හොදම වැඩේ...

🌻 හී....මම ආය කොන්ඩෙ වවා ගන්නවා..

👩 අපි කොච්චර ඔයාව සනසන්න හැදුවන් ඔයා ඔයාගේ ට්වින්ලා දෙන්නා එනකල් හිටියා නේ...

💫🌻💛 ට්වින් පවර්..

අපි තුන්දෙනා බදා ගත්තා...




















ආ...ස්නෝ බෙබිලා...

අද එක කොටද

Magic Family✔️✔️Where stories live. Discover now