exam එක

113 25 9
                                    


' ඇයි.. ඇදුම් ද මගෙ ඒව තමයි ඔයාට අදින්න වෙන්නෙ.. ඔයාගෙ ඇදුම් ටික හෙට උදේ වෙද්දි ගෙනත් දීල යයි. '

මගෙ අතට ලොකූ hoodie එකක් දීලා එයා දොරත් වහගෙන ගියා. මං වොෂ් එකක් දාගෙන ඇවිත් නිදා ගන්න ලෑස්ති උනෙ රෑට කෑම කන්න තරම් හිතක් නැති නිසා

.
.
.
.
Next day morning

උදේ ඇහැරුන වෙලාවෙ මං බැලුවෙ ටේහ්‍යුං කෝ කියල. කාමරේ කොහෙවත් නෑනේ. මට මොකෝ.. මගෙ ඇදුම් ටිකත් ගෙනත් දීල. ඉතින් මං ගිහින් ලෑස්ති වෙලා University යන්න ඕන. Exam එකත් තියෙනවා.

මං පහලට යද්දී ටේහ්‍යුං Kitchen එකේ. ටේහ්‍යුංට උයන්න පුළුවන් ද..

' good morning යූහා.. '

Good morning '
මං එහෙම කියන ගමන් ලගට ගිහින් බැලුවා.

' ඔයා ඉදගෙන ඉන්න මං එන්නං.. කාලා ඉවර උනාම මම University එකට එක්කන් යන්නං... '
මං ඉතින් ගිහිල්ල ඉදගත්තා. ටිකකින් මට breakfast එක ගෙනත් දුන්නා. මං හිතුවට වැඩිය කෑම රහයි නේ. කෑම කාල ඉවර උන ගමන්ම ටේහ්‍යුං මාව University එක ලගින් ලගට එක්කන් ගියා.

' all the best යූහා.. '

මං කාර් එකෙන් බැහැල යනකොට ම එතන හිටියෙ මගෙ අතිජාත මිත්‍රයො ඩබල කුකීයයි ඉයුන්හයි දෙන්නා. අනික් ඩබල පේන්න හිටියේ නෑ. තාර පැටියයි එයාගෙ ආදරවන්තිය යුන්මියි. තාර පැටියා කිව්වෙ ජිමින්ට. එයා හිටියෙ 4 year එකේ. යුන්මියි අනික් ඩබලයි 2 year එකේ.

' අම්මෝ කෙල්ලට අද ඇවිදින්න පුළුවන් නේ.. මං හිතුවෙ '

' අනේ යකූ. ඉයුන්හ නිසා ඉවසන්නෙ.. නැත්නම් ඔය හා දත් දෙක බඩට යනවනවා.. 😏 '

' හරි බං.. මේ යමු exam එකට වෙලාව හරි.. '
කුකී එහෙම කියල අපිවත් ඇදගෙන ගියා.

Exam එක ඉවර කරල අපි cafe එකට ගියා. ජිමිනයි යුන්මි දෙන්නා ඒ වෙනකොටත් කනවා. අපිත් ගිහිල්ල ඉදගත්තා. ලමයි කට්ටිය වට වෙලා අපි දිහා බලන් මොනවද මංදා කියවනවා. මුන්ට පිස්සුද කොහෙද...

' මේ යූහා '

' ම්.. '

' party එකක්වත් දෙනවකෝ marry කලා නේ ද '

' යා.. තමුසෙ වගේ බඩජාරියෙක්.. '

මං එහෙම කියද්දිම ලමයි කෑ ගහන්න ගත්තා. මං බැලුව ඒ ඇයි කියලා. Bodyguard ගොඩක් එක්ක කවුරු හරි University එකට ආවා. ඒ නිසා ඒ කෙනාව හරියට පෙනුනේ නැ.

Infinite loveWhere stories live. Discover now