Love you

132 28 4
                                    

' යූහත් කැමැතිලු නෙ අපි දෙන්නම යන්නං.. '

ටේහ්‍යුං මගෙ ඉනට අද දාල එයා ගාවට අරං එහෙම කියල මගෙ මූණ දිහා බැලුවා. මොනා නැතතත් ඔම්මල ඉස්සරහ ටේහ්‍යුං මට ආදරෙයි වගේ.

ඔම්මලගෙ කැමැත්තට අපිට US යන්න වෙනවා. එහෙදි මොනව වෙයිද කියල මට හිතාගන්න බෑ.. යුන්ගි ඔප්පවත් හම්බවෙන්න පුලුවන් උනොත්..
.
.
.
.
.

අපි US වලට ඇවිත් මාසයයි. තව මාස දෙකක්ම ඉන්න ඕනි. අපි දෙන්න හිටියෙ apartment එකක. ටේහ්‍යුං Company එකෙ වැඩයි business party එක්කම ඒ මාසෙම ගෙවුනා. ගෙදර හිටියත් අපි අතරෙ කතාවක් තිබුනෙ නෑ..

අද ටේහ්‍යුංට වැඩක් නැති නිසා උදේම ටේහ්‍යුං මාවත් එක්කගෙන ඇවිදින්න ආවා. ටේහ්‍යුං වෙලාවකට පොඩි ලමයෙක් වගේ.

හවස් වෙනකොට අපි Park එකට ආවා. ඒක තිබුනෙ අපි හිටපු apartment එක ලගමයි. එතන ඒ වෙලාවෙ කවුරුත් හිටියෙ නෑ. මං හිතන්නෙ හවස නිසා වෙන්න ඕන..

' යූහා .. '

' ටේහ්‍යුං කියන්න '

' අපි ඩිවෝස් වෙමු.. ඔයාට ඕන උනේ ඒකනේ.. '

' ....

මං මුකුත්ම නොකියා එතනින් ආවෙ apartment එකට. මං ඇවිත් ටිකක් වෙලා යනකොට ටේහ්‍යුංනුත් ආවා.. ඒ ආවත් අපේ අතරේ වැඩි කතාවක් තිබුනේ නෑ.
මම රෑ වෙලා නිසා නිදාගන්න ලෑස්ති උනා.

' යූහා.. '

මං දන්නව එයා ආවෙ ඩිවෝස් එක ගැන කියන්න කියලා. කොහොමත් මට ඒකට කැමති වෙන්න වෙනවා. මං ටේහ්‍යුංගෙ පැත්තට හැරුනා.

' ටේ.. ටේහ්‍යුං... ඔය ෂර්ට් එක හරියට ඇදගන්න කෝ '

' මං ඉන්නෙ මගෙ wife ලග වෙන කාගෙවත් ලග නෙමේනේ නේද...
ඔයා මගෙ යූහානේ... '

' යා.. කොටියො.. '

' ඔයාට ඩිවෝස් එක ඕන උනාට මං දෙන්නෙ නෑ යූහා.. ඒ නිසා ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා. මොකද මම ඔයාට ආදරෙයි. ඔයාව proposal කරපු දවසෙ ඉදන් ම මම ඔයාට ආදරෙ කලේ.. ඒත් මං ලගදි දැනගත්තා ඔයත් මට ආදරෙයි කියල...
දැන් කියන්න ටේහ්‍යුං මං ඔයාට ආදරෙයි කියල '

' හොරා මගෙ ඩයරිය කියෙව්ව නේද... දැන් බලෙන්ම අහ ගන්නවද ඒකත්.. මං කියන්නෙ නෑ... '

Infinite loveWhere stories live. Discover now