Chapter 01

11 3 0
                                    

හදිසි පුවත්..

          මීට සුලු මොහොතකට් පෙර සෝල් නගරයේදී සිදු වූ රිය අනතුරකින් BTS සාමාජික JUNG HO SEOK මහතා සෝල් ටෝරස් පෞද්ගලික රෝහලට  ඇතුලත් කර ඇත.මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයක පසුවන බව Bighit ආයතනය විසින් මාධ්‍යට ප්‍රකාශයක් ලබා දී ඇත. BTS සාමාජිකයන්ට හා ඔවුන්ගේ කළමනාකරුට පමණක් රෝහලේ එම ස්ථානයේ රැදී සිටීමට අවසර ලබා දී ඇති අතර කිසිදු මාධ්‍යවේදීයෙකුහට රෝහලේ ICU වෙත යන්න අවසර ලැබුනේ නැත.කෙසේ හෝ JUNG HO SEOK මහතා සෞඛ්‍ය තත්ත්වය පිළිබද තොරතුරු ලැබුන විගස ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්....
YGN NEWS වෙනුවෙන් මන් පාර්ක් ශිහ්සේ.

"අනේ මගෙ ඔප්පා " 😢

Reception Division එකේ Patient කෙනෙකුගෙ තොරතුරු ලබාගන්න අතර මම රෝහලේ තිබුන රූපවාහිනියෙ විකාශය වුන news එක දිහා බලන් හිටියා.කදුලු කැට මගෙ කම්මුල දිගෙ ගලාගෙන ගියා මගෙ කකුල්ද පන නැති වෙනවා වගේ දැනෙද්දිමයි.

ඔප්පා...

ආයෙත් එහෙම කියපු මම රූපවාහිනීය අසලටම ගොස් අනතුර සිදු වාහනයේ සුන්බුන් ඡායාරූප දැකපු මම එතනම බිම වාඩි වෙලා මහ හයියෙන් කෑගහල ඇඩුවා.

අනේ yenshiya මොකද මේ"

මගෙ හොදම යාලුව මගෙ ළගට දුවගෙන ආවේ මොකක්ද වුනේ කියල හිතාගන්න බැරිව කියල මට හිතුනත් කියාගන්නට දෙයක් මට මතක් වුනේ නැහැ.
මම අඩමින් රූපවාහිනීය දිහාවට අත දික් කරා.සූයාද එතනම වාඩි වුනා.
රෝහලෙ හිටිය හැමෝම අපි දිහා බැලුවෙ අමුතු විදියට.සූයා ඉක්මනට නැගිටල මාවත් අල්ලගෙන Nurses' lounge එකට ආවා.

මන් දන්නව Yenshiya ඔයා හොබී ඔප්පට ගොඩක් කැමතී කියල.ඒත් කවදා වෙනකම් ඔයා එයාගෙ දුක් කරදර දිහා බලලා හූල්ලන්නද...අනික එයාට සල්ලි තියෙනව.පිටරටකට ගිහින් හරි එයා හොද වෙයි.ඔයා මෙතන ඇඩුව කියල එයාට ඇහෙන්නෙත් නෑ.ඔයාට වෙන හොදකුත් නෑ.."

මාව පුටුවෙන් ඉන්දවන ගමන් සූයා මට කිවුවේ මගෙ හිත හදන්න එයා හැමදාම කටපාඩමින් කියන වචන ටිකයි.

අනේ සූයා හොබී ඔප්පා කියන්නෙ මගෙ ආදරේ.මම අනික් ආර්මිලා වගේ නෙවෙයි.එයාට සල්ලි තියෙනවා.ඒත් එයාට කවදහරිම මගෙ ආදරේ කියන්න පුලුවන් වෙයි.කියන්න බැරි වුනත් මන් මැරෙනකම්ම ආදරේ කරන්නෙ එයාට විතරයි.මගෙ පලවෙනිම ආදරෙත් එයා.අවසාන ආදරෙත් එයා."

You've reached the end of published parts.

⏰ Last updated: Nov 12, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

🌼 My hope 🌼Where stories live. Discover now