💚 3 💚

1.6K 324 468
                                        

(තුන්වන කොටස-කොල්ලනේ පෙළගැසෙව්...හොබියාව බේරාගනිව්...)




Joon- එ...එයා අපිව දාලා ගියා හුවෑ...

Vmin- මොකා...ක්?

Jk- කෝමද අපි මෙව්වා දරාගන්නෙ...?දුකට,සැපට අපිට හිටිය නාභර හොබියා...ඌත් ගියා...

Yoongi- අනේ...හොබියෝ ඉන්න තැනකින් වරෙන්කො වස්තුවේ...නැත්නම් අපේ හාර්ටු පැලිලා මැරෙයි...පුංචි සන්දියෙ එක ජංගියෙ බැහැලා වැලි බත් උයපු හැටි අමතක වෙලාද ඔයාට මෙච්චර පොඩි දේකට මෙහෙම කරගත්තේ.......?

Jk- උඹ ඇන්දෙ උගෙ නෙමෙයි මගෙ ජංගිය යුන්ගියා...

Joon- හොබ්බා මඩ වැඩ කරන්න ආස නෑ...උඹ වැලි බත් ඉව්වෙ අර ජෙනී එක්ක.නෑ ඒකී ඉව්වෙ තෝ කෑවේ...

Yoongi- කමක්නෑ...අනේ මගේ හොබියෝ ආපහු අපි ගාවට එන්න වස්තුවේ...

Joon,Jk,Yoongi- හුවෑවෑ............

හෝසොක් නැති වීමේ දුක දරාගත නොහැකිව මේ තිදෙනා හඩා වැලපෙන අතරේ ටේ හා ජිමින් මේ නාඩගම දෙස බලාගෙනම රහසින් දෙදෙනා එක්ක කතා වුනේ...

Jimin- හාපූ...මොකුන්ද මේ?මෙයාලටද අපේ පංතියෙ පොරවල් කියන්නෙ?චී...චී...ලැජ්ජයි...ලැජ්ජයි...

Tae- මේ ලෝකේ කැතටම අඩන කෙනා කවුද කියලා ඇහුවොත් මං කළින් දීපු උත්තරේ තමයි ජෙනී...ඒත් අද නම් මං කියනවා මේ තුන්කට්ටුව තමයි හොදටම කළේ...

Jimin- අර අහිංසක හොබී කොහේ හිටියත් ඒ මනුස්සයගෙ වාසනාවට තමයි මේ දර්ශනේ දැක්කෙ නැත්තෙ.

Tae- ඒක නම් ඇත්ත.

Jimin- පොඩ්ඩක් ඉන්නකෝ...මෙහෙම අවස්ථා ලේසියෙන් මගෑරගන්න බෑ...

Tae- ජිමින්...මොකද්ද ඔය කරන්න හදන්නෙ?

Jimin- ඔන්න බලන්නකො...මේවනේ...නියම ආතල්...

කියා ජිමින් තමන්ගෙ දුරකථනයෙ කැමරාවෙන් මේ යාලුවෝ තුන්දෙනාව හොරෙන්ම වීඩියෝ කරගත්තෙ මේ වගේ අවස්ථාවක් ආයේ කල්ප කාලාන්තරේකටම ලැබෙන්නැති නිසයි.ඒ අතර මේ අඩවැඩියාව ඇහිලා කළබලෙන්ම ඒ පැත්තට දුවන් ආපු විදුහල්පති බන්ග් හා JYපාර්ක්...

GO GO Bebe 💕✔︎Where stories live. Discover now