3 rd STEP !

338 132 29
                                    

_ ජනාධිපති කාර්‍යාලය සෝල් _

" හැමෝම  ඇවිල්ලද ඉන්නේ. එහෙනම් පටන් ගමු . "

ජනාධිපති කාර්‍යාලයේ හදිසි දැනුම් දීමක්.තිබුනත් සමහරු දේගු තත්වය ගැන දැනගෙන හිටියේ නෑ ඒකට හේතුව වුනේ රූපවාහිනි මගින් මේ සියලු දෙයක්ම ප්‍රචාරය නොකිරීම.නිසා.

" සමාවෙන්න ජනාධිපතිතුමනි , දේගු වල. "

" ඔව්  කිම්සොක් ජින් දේගුවල මේ දැන් පැතිරෙන රෝගෙ ගැන මට තොරතුරු ලැබුනා දේගු නගරාධිපතිවරයාගෙන්. ඒත් මේ රෝගේ දේගු වෛද්‍යවරුන්ට හොයාගන්න බැරිනම්. සෝල් නැත්නම් කොහේ හරි වෛද්‍යවරයෙක් හොයාගන්න ඕන මේ ලෙඩේ පැතිරෙන  එක නවත්ත ගන්න. "

" මොකක්ද කරන්නේ දැන්  ? මේ වෙන කොටත් බූසාන් පැත්තෙන් නුත් රෝගින් වාර්තා වෙලා ඉන්නවා ජනාධිපතිතුමනි."

" ඉක්මනට මේක පැතිරෙන විදිය නවත්තන ඕන . කිම්සොක් ජින්  මම ඔයා එක්ක කණ්ඩායමක් යොදවනවා . කොහොම හරි ගිහින් මේ ලෙඩේ පැතිරෙන විදිය හොයාගෙන මට දැනුම් දෙන්න. ඒවගේම mr . ජොන් ගේ පුතා ජන්ග්කුක් ට මම බාර දෙනවා මේ ගැන කටයුතු කරන්න . ඒක ඉක්මනට දැනුම්.දෙන්න මිස්ටර් ජොන්. "

" ඒත් ජනාධිපතිතුමනි මගේ.පුතා... මට බැහැ..මෙයාව.. "

" කරන්න දෙයක් නෑ මගේ අනට ක්‍රියාත්මක වෙන්න පුලුවන් . නැත්නම් මෙතනින් අයින් වෙන්න. "

" මම අයින් වෙනවා. "

මිස්ටර් ජොන් අතේ තිබුනු ෆයිල් ටිකෙන් මේසෙට ගහලා එතනින් එලියට ගියේ ජනාධිපතිතුමා පවා පුදුම කරලා. මොකද ජනාධිපතිතුමා මෙහෙම කිව්වට කීයකටවත් හිතුවේ නෑ ජොන් එයාගේ රාජකාරිය අතඇරලා යාවි කියලා.

" ඒකත් එහෙමයි නේ.....ආයෙත් එන්න වේවි මිස්ටර් ජොන් ට. "

ජනාධිපති එහෙම කියලා බැලුවේ සොක්ජින් දිහා..

" මම.හිතනවා මම.කියපු දේ ඔයාට කරන්න පුලුවන් වේවි කියලා. "

ජනාධිපතිතුමා ජින් දිහාවට හැරිලා එහෙම.කියනකොට කොල්ලා දැන්ගෙන හිටියා ඊලගට එයාට කරන්න තියන දේ. ඒත් ඒ දේ කරන්න තරම් ජින් ගේ හිතේ කිසිදු කැමැත්තක් තිබුනේ නෑ.

||  Welcome To Death  || [ completed ]Where stories live. Discover now