5 th STEP !

303 125 24
                                    

_ දේගු _

" කොහෙද එක්කරගෙන ආවද ? කෝ අර පාක් ජිමින් කියන මිනිහා. "

" ගෙනාව සර් එක්ක අරගෙන ආවා . "

" අහ් ගෙනත් මේ පුටුවෙ කකුල් දෙක විතරක් ගැට ගහලා තමුසෙට යන්න පුලුවන් . "

පොලිස් බටයෙක් ඇවිත් ජන්ග්කුක් ගේ ලැප් එක ඉස්සරහින් තියන පුටුවේ හිරකාර පාක්.ජිමින් ගැට ගහලා කකුල් දෙකෙන් ගැටගහලා දාලා ඒ බටයා යනකම්.බලාගෙන හිටියා .

ජිමින් පෙනුමෙන් අනිත් හැමෝටම වඩා පොඩ්ඩක්.කොට වුනත් ලොකු මොලකාරයෙක් කියලා පෙනුමෙන්ම පෙනුනා. ඇවිත් වාඩි වෙලා හිටියට කිසිම බයක් කොල්ලගේ මූනේ ගෑවිලා තිබුනේ නෑ.

" තමුන් ඔය පෝස්ට් එක දාපු මිනිහව හැක් කරනවා. "

යුන්ගි ගන් එක ජිමින්ගේ ඔලුවෙන් තියලා කිඅද්දී අනිත් හැමෝමත් එයාලගේ අතේ තිබුනු ගන් අරගෙන ජිමින් දිහාවට දික්කරා.

" හෝ හෝ....... මම මොකටද ඔයාලට උදව් කරන්නේ අනික.මම හිර කාරයෙක්නේ. "

කට කොනින් හිනාවත් එක්කම කිව්වත් ඒ හිනාව කොයිම මොහොතකවත් නැති වුනේ නෑ.

" තමුසෙට කිව්ව දේ විතරක් කරනවා. "

" හහ් මහ ලොකු පොලිස් කාරයෝ NIS agent ලා ඒවගේම ජනාධිපති උපදේශකයෙක් හිරකාරයෙක් ගෙන් උදව් ඉල්ලනවා. "

" මිනිහෝ ජීවිත බේරගන්න යි තමුසෙගෙන් මේ ඉල්ලන්නේ. තේරුම්ගනින්. "

" ආහ් හාඅ.....බේරන්නම් හැබැයි මට මොනවා හරි ඕන. ".

" හරි කියන දෙයක් දෙන්නම් තමුසෙට මොනවද ඕන හිරෙන් නිදහස් වෙන්න්ද ?ඒ දේ කරන්නම් ඉස්සෙල්ලා.මේ දේ කරලා ඉන්නවා. "

" නෑ නෑ එච්චර දෙයක් නෙවෙයි . මටත් ඕන ඔයාලත් එක්ක මේ වැඩේට හවුල් වෙන්න. "

" මොකක්.තමුසේ.. ! "

" ඉල්ලන දේ දෙන්න බැරිනම් මමකරන්නෑ මහ ලොකු පොලිස් කාරයෝ ටිකම කරගන්න එකයි ඇත්තේ. "

ඒ වෙලාවෙනම් යුන්ගි ජින්ගේ වගේම ජන්ග්කුක් ගේත් මුන දිහා බැලුවා . ජින් වගේම ජන්ග්කුක් ඔලුවෙන් හා කියද්දී යුන්ගිත් ඒකට කැමති වුනා.

||  Welcome To Death  || [ completed ]Where stories live. Discover now