4 th STEP !

313 125 26
                                    

_ දේගු hospital _

" ආහ් .... මට බෑ තවත් යන්න. "

" තවත් කොහොමත් යන්නෑ. "

පස්දෙනාම ආවා දේගු හොස්පිටල් එක ගාවට ඒකට එනකොටත් හෝසොක් හරිම කලබලෙන් වැඩ . රෝහල පිරෙන්න තරම් රෝගින් පිරිලා . හෝසොක් ට වගේම කාර්‍යමණඩලයටත් වැඩ වැහි වැහලා . එන්න එන්න ම එන රෝගීනුත් වැඩි වෙලා . බූසාන් වගේම තවත් ප්‍රදේශ ටිකකිනුත් රෝගීන් වාර්තා වෙලා තිබුනා..

" ආආආහ්....... "

හෝසොක් ට එහා පැත්තෙන් හිටපු හෙදියත් එහෙම්ම තුවාලත් එක්ක බිමට වැටෙද්දී එයාව අරගෙන යන්න තව සේවකයෝ කිහිප දෙනෙක් ආවා.

" ජින්.. , මම.ඔයාලට තැනක් ලෑස්ති කරලා තියෙන්නේ . "

" කොහොමද දැන් තත්වේ. "

" එන්න එන්න වැඩි වෙනවා අපේ ටික දෙනෙකුටත් දැන් හැදිලා ඉවරයි කරගන්න කිසිම දෙයක් නැහැ. මේ මිනිස්සුන්ගේ තුවාල දැක්කම රස්සාව දමලා යන්න හිතෙනවා.... "

" මොකක් හරි කරමු අපි. "

ජින් එහෙම කිව්වත් ජින්ටවත් ජින්ගේ ජීවිතේ ගැන විශ්වාසයක් තිබුනේ නෑ . හැමෝම ගිහින් හෝසොක් ඒ ගොල්ලන්ට වෙන් කරපු ගෙදරට ගියත් එතන වැඩි වෙලා ඉන්නේ නැතුව දැනට මැරුනු ඔක්කොම මිනී ගාන පරීක්ශා කරනන් ගියා. එතන තිබුනු මිනී හැම එකක්ම ඉටි කොලේකින් ආවරනය කරලා තිබුන නිසා ජන්ග්කුක් ඇවිත් ඒ ඉටිකොලයක් ව්ිෘත කරේ අප්පිරියාවක්න් . බලන්න බැරි තරම්ම ඒ දේ අප්පිරියයි . මැරිලා දවස් ගනනක් වන නිසාත් ඒ ශරීර වල තිබුනු තුවාල නිසාත් ඒ හැම දේකින්ම ගෙනාවේ පිලිකුලක් . මුලු ඇගේම තිබුනු තුවාල අත පය වගේම මූනටත් පැතිරිලා තිබුනා. සොම්බියෙක් නොවන සොම්බියෙක් තරම් ඒ මිනිස්සු වෙනස් වෙලා හිටියා . තුවාල වලින් ගලන රතු ලේ වගේම කහ පාටට හුරු කොල පාටකින් ගලන හැරව දැක්කම ඕන කෙනෙක් ට ජීවිතේම එපා වෙනවා.

" ආහ් ගද "

" කරන්න දෙයක් නෑ ඉවසන්න වෙනවා යුමී . මේ මිනිස්සු අමුතුවට මෙහෙම ලෙඩ වෙන්නේ. කිසිම කෙනෙක් ගෙන් අහගන්න විදියක් පවා නෑ මොකද හැදුනු ගමන්ම එතනම තුවාල හැදිලා වැටෙනවා සමහරු මැරෙනව තවත් සමහරු ටික වෙලාවකට පවා ජීවිත් වෙනවා. මේක වෛරසක් වගෙ. ඒත් වෙලාවකට එහෙම කියන්න බෑ. ප්‍රතිනාශකයක් පවා නැහැ . අපිට නිකන් බෙහෙත් දීගන්න පවා බැහැ. අපි තාම බෙහෙත් හොයනවා . සෝල් වලින් පවා අපි දැන් සයන්ටිස්ට් ලා ගෙන්න ගත්තා   ඒත් කිසිම කෙනෙක් ට මේකට බෙහෙතක් හොයාගන්න බැහැ. අපිට කරන්න තියන දේ මේ එන ලෙඩ්ඩු වෙනම තියන එක විතරයි . ඒත් අපිට දැන් එහෙම තියන්න පවා ඉඩ නෑ. ඊයෙ හමුදාවෙන් එව්වා මේ අවට කූඩාරම් ගහලා දාන්න . ඒත් ගහන කූඩාරමක විසි දෙනෙක්ට වඩා තියන්න බැහැ. ඒත් අපි දැනට එක කූඩාරමක තිහක් විතර තියනවා. කරන්න දෙයක් නැහැ දැන්. දේගුවල හතරෙන් තුනකටම දැන් මේ ලෙඩේ බෝ වෙලා . බූසාන් පවා දැන් ගොඩක් බෝවෙලා . මේක මහ වසංගතයක් ජින්.. !!! "

||  Welcome To Death  || [ completed ]Where stories live. Discover now