එක ලස්සන මතකයක් ඇතුලේ මන් ජීවත් වෙමින් උන්නා මට මතකයි...
එක මහා වැස්සක මන් නටමින් හිටිය හැටි මට මතකයි..
හැමදේම වසාගෙන ඉඳපු මීඳුම තුරන් වෙලා ගිය වෙලාවක..
මන් මගේ තෙමුණු දෙපාවලින් දුවගෙන යද්දී..
ඔයා මාව වැළඳගනී කියලා මන් බලාපොරොත්තු වුණ හැටි මට මතකයි...
අහසේ දීප්තීමත් ව පායලා තිබුණු හඳ..
හඬමින් ඉන්නවා කියලා මට දැනෙන්නේ ඇයි ?
මම දන්නවා මේ කළුවර රාත්‍රිය ගෙවලා ගිහිලා ආයේම උදෑසනක් එන වග...
ඒත් මට පුළුවන් නම්
ඔයාගේ අහසේ තරුවක් වෙලා ඉන්න...
ඔයාගේ අහසක තරුවක් වෙලා හරි ඔයා දිහා බලන් ඉන්න..
හැමදවසකම හැම මොහොතකම.....
මන් දැනන් හිටියනම්...
මේ දේවල් මෙහෙම වෙනවා කියලා...
මන් ඔයාව තවත් මගේ ලගම තියාගන්නවා..
මන් ළගටම කරගෙන..පුළුවන් ද මට කියන්න ....
ඒ දවස ආයේ කවදා එයි ද කියලා ??
මන් ආයේ ඔයාගේ දිහා බලන ....
කවදද ඒ දේ සිද්ධ වෙන්න තියෙන්නේ ??
එහෙම වුණා නම් මන් ඔයාගෙ ඇස් දිහා බලන් කියාවි ඔයාව කොච්චර මට මතක් උනාද කියලා..
හරිම හීන් හිනාවකින් ඔයා මන් දිහා බැලුව මට මතකයි....ඒ හිනාව දම් පැහැ ගත්‍තු එළියක් වගෙ...
මන් මගේ හිත පුරාම පින්තාරු කරලා තියාගනිවී...
අපි මේ ජීවිත කථාව ලියැවුණු අපේ ජීවිත කතා පොත ඇතුළේ තියෙන එක පිටුවක් නොවුණ බව ඇත්ත..
ඒත් මට ඕන ම ඔයා එක්ක මේ පාර දිග ඇවිදගෙන යන්න.....ඒ නිසා තාමත් ඉන්නේ ඔයත් එක්ක..
මන් තාමත් ඔයත් එක්කමයි....
.
.
.
.
.
S t i l l w i t h y o u
J k
.
.
.
.
.
.
.
.𝑳𝒊𝒍𝒚 𝑲𝒊𝒎 🌺