නික්මෙන්න !

29 6 1
                                    

මියගොසින් අහවරය
පැමින කියවනු මතක බණ..
කලක සිට සෙමින් මියගිය
මා මැරී ගොස් අහවරය..
ඉදින් ඇවිදින් පවසන්න
මතකයෙන් බිඳක් ගෙන මෙහිම..
වචනයෙන් මා මැරුණු හැටි..
මතකයෙන් බිඳක් ගෙන පවසන්න..
වළදැමු මතක එක්කොට..
එකින් එක ගෙන සිහිකොට..
රිදුණු රිදවුණු තැන් ගැන..
හෙමින් සිහිකරගන්න...
මා මැරී ගොස් අහවරය...
රිදෙන රිදවුණු...
හැඬුන හැඬවුණු..
මතකයක දැවී දැවුණු..
මා මියගොසින් අහවරය.
ඉතින් ඔබ නික්මෙන්න..
මා මැරී අවසන් ය..
ඉදින් ඔබ නික්මෙන්න..
මා මැරී අවසන් ය..
.
.
.
Lily Kim 🌺

𝐁𝐥𝐮𝐞 𝐚𝐧𝐝 𝐆𝐫𝐞𝐲 🌙🌑Where stories live. Discover now