නැවතුමක් ?

303 33 91
                                    

"ජි...ජිමි..නි......මට ඉන්න ඕන.....මේ ව..ගේ...ඔයා...... ඔයා ළඟින් හැමදාම.
ඒත්..ම..මට..මට යන්න වෙනවා...මැණික...මට දැන්.....යන්න වෙනවා.මම...මම ගොඩක් ගො......ඩාක් උත්..උත්සහා...කලා...මගේ....මගේ උපරිමෙන්ම ජිමිනි.
මට.....මට...ස....සමා...වෙන්න....මට මහන්සි රත්තරන්......ත...තවත් බැහැ.......මට යන්න දෙන්න ජිමිනි......."
නානාප්‍රකාර රෝහල් උපාංග වලට මැදි වී තම අවසන් හුස්ම තෙක්ම සටනක යෙදෙන සුමී තම දෑස් දෙස ආයාචනාත්මකව බලා සිටින තම පෙම්වතාට පැවසුවේ ඔහු පිළිගැනීමට මදි කල සත්‍ය වටහා දීමටයි.

"මැණික.....මොනවද කියන්නේ....රත්තරන් .මගේ මැණික කොහොමද ඔයාගේ ජිමිනිව දාලා යන්නේ...? මට බෑ සුමී...මට බෑ ඔයා නැතුව ජීවත් වෙන්න.ඔයා යන්නේ කොහොමද සුමී? කොහොමද? අපි එකතුවෙලා හීන මවපු අනාගතේ හීනයක්ම කරලා යන්න හදන්න එපා මැණික...
ඔයාගේ ජිමිනි ඒ තරම් ශක්තිමත් කෙනෙක් නෙවෙයි මැනික.මාව දාලා යන්න එපා......

නූ..නා...මගේ නූනා ඔයාව හොද කරනවා මගේ සුමී.ඔයා බය වෙන්න එපා මම ඉන්නවා මේ වගේම ඔයා ළගම....හැමදාම.......

මම ඔයාව හොද කරගන්නවා මගේ සුමී..මගේ නූනා ගොඩාක් ගොඩාක් දක්ශයි....එයා මගේ සුමීව හොද කරලා මගේ ලගටම ගෙනත් දෙනවා...ඔන්න බලන්නකෝ මැණික....ම්ම්.....ආයේ ඔහොම කතා කියන්න එපා..."

තම දෙඇස්වලින් රූරා වැටෙන කදුලු පිටි අල්ලෙන් පිසිමින් තමා දෙස අසරණව බලා හිදිනා තම පෙම්වතියගේ දුර්වල දෑත දරාගත් ඔහු දිගින් දිගටම තම වදන් වලින් තමාවම මුලා කර ගැනීමේ නිරර්තක උත්සාහයක යෙදෙමින් සිටියා.

"ජි...මිනි.....අ..අහන්න..මම..කි...කියන දේ මැණික....
කෝ...දැන් අඩ..අඩන එක නවත්තගන්න.....
එන්න....මගේ ළගට......
ජිමිනි.......මම........ඒ හීනවල හරිම හවුල්කාරි නෙවෙයි ජිමිනි....කෝ....ඉන්න...ම................ට...ක..කතා කරන්න දෙන්න,මිනි........
ඒ නිසයි මාව දැන් ජේසු එයා ළගට ගන්නව ඇත්තේ......අහන්න මිනි.....
මෙච්චරයි මම ගෙනාපු ජීවිතය....

අනාතයා කියලා ලේබල් ගහපු මට........හ්ම් .....හ්ම්.......ජි......ජිවිතේ දු...න්න...මගේ....මගේ ජිමිනිට....ගො...ගොඩාක් පින්......

ජිමිනි........ම......මගේ.....මූන දි...හා....බලන්න......
මම ගියාම....පුන්චි ලස්සන කෙල්ලෙක්....ඔයාව.....ඔයාව පතාගෙන ආපු ඔයාගේ උරුමක්කාරි එක්ක ඒ හීන හැබෑ කරගන්නවා කියලා මට පො...පොරොන්දු වෙන්න ජිමිනි........

Spring day Where stories live. Discover now