හිමි අහිමිවීම

150 24 60
                                    

Ha neul's pov

කාලය හිතුවටත් වඩා වේගෙන් ගෙවිලා ගියා.මම දැන් මගේ හීනෙට ගිහින් ඉවරයි.මම දැන් soul national university එකේම professor කෙනෙක්.

මේ හැම දෙයක්ම ඒක මට හීනයක් වගේ.කොහොමද මේවා සිද්ද වුනේ.එදා ඔප්පලා මුන ගැහිලා ආයේත් uni ආවම මට scholarship එකක් හම්බවුනේ නොහිතපු විදිහට.
අදටත් මට ඒක රහසක්.
තව මේ කාලේ ඇතුලත මට හොද යාලුවෙක් මුනගැහුනා.

අද uni එකෙන් organized කරන party එකක්.charity party එකක්.මේ අවුරුදු 6ටම නොදැනුනු අමුතුම හැඟීමක් දැනෙද්දි මම ඒ party එක්ට ගියේ මගේ යාලුවා එක්කමයි.

මම හිටියේ මගේ යාලුවා එක්ක අපේ කතාවක.

"Haneul ,මට ඔයාට කතා කරන්න පුලුවන්ද?"මගේ ළගට ආපු රූහි මැඩම් ඇහුවම මම ඉක්මනට මැඩම් එක්ක හිනාවෙලා ඔලුව වැනුවා.

"කියන්න මැඩම්"

"අනේ මේ කෙල්ලට මම මොන තරම් කියනවද?මැඩම් නෙවෙයි ඔන්නි කියන්න." මැඩම් පුරුදු විදිහටම රවලා කියද්දි අපි හිනාවුනා.

"මේ මෙහේ එන්නකෝ මට කෙනෙක්ව මුන ගස්සවන්න ඕන.ඔයා මේ තරම් කල් මගෙන් අහපු දේට උත්තරේ.ඔයාගේ scholarship එකට sponcer කරපු කෙනාව එයාව මුන ගස්සවන්න." ඔන්නි කිව්වම මම ගොඩක් සතුටුවුනා.ගොඩක්.ඒ නිසාම ඉක්මනට ඔන්නිගේ පිටිපස්සෙන් ඇවිදගෙන ගියේ.

Black full suit එකක් ඇදගත්ත ඒ කෙනා හිටියේ අපිට පිටුපාලා.මම ඉවසීමක් නැතුව එයා දිහා බලන් හිටියා.

"මෝචි...............එයා ආවා." ඔන්නිගේ පුන්චි තට්ටු කිරිල්ලට මගේ පැත්ත හැරුනම මම එයාව දැක්කේ.මේ එයාමද? එ.....එතකොට එයාද මට?
මොකක්?
ඒත් හිතේ කොනක ලොකු සතුටක් ඇතිවුණා.හරි සිහියට ආපු මම ඉක්මනට එයාට bow කලා.

"Haneul ඔයා ඉතින් මගේ හුරතල් මල්ලියව දන්නවනේ.......ම්ම් එහෙනම් දෙන්නා කතා කරගන්නකෝ.......මම යන්නම්.මට ඉන්නවානේ අවුරුදු 35ක පොඩි බබෙක් බලාගන්න.මොනවා කඩලාද දන්නේ නෑ .මම යන්නම් මෝචි.කෙල්ල මම යනවා හොදේ." ඔන්නි අපි දෙන්නගෙම ඔලු අතගාලා ඔක්මනට එතනින් ගියා.

එ...එතකොට ඔන්නි තමා ජිමින්ශීගේ නූනා.ඒ කියන්නේ නම්ජුන්ශීගේ fiance .මම පුදුමෙන් ජිමින්ශී දිහාම බලන් හිටියා.මාව ගොලුවෙලා වගේ.ඇයි එයා ඒ වගේ බලන් ඉන්නේ?

Spring day Where stories live. Discover now