ℍ𝕠𝕦𝕤𝕖 𝕠𝕗 𝔹𝕒𝕟𝕘𝕥𝕒𝕟 05

1.2K 250 22
                                    

ජින් ඔප්පා ට පින් සිද්ධ වෙන්න අති සාර්ථක රෝලර් කෝස්ටර් අත්දැකීමක් එක්ක අපි කට්ටියම වැනී වැනී ගෙට ගොඩවෙන කොට සාලේ මැද්දේ කෑම ගොඩක් වට කරගෙන ඉදගෙන හිටියේ චෝයි ආන්ටි වෙන් ඇති කියලා මට හිතුනා,  කෝකටත් කියලා මං
"චෝයි ආන්ටි??" කියලා ටේ දිහා බලද්දි  තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ මූන ඇදකරගෙන ටේ ඔලුව වැනුවා,

"ජීන් හියුන්ග් ආන්ටි චෝයිට අමතක වෙන ලෙඩක් වත් හැදිලද ?"

"ඒක තමා ජිමිනා මාත් මේ කල්පනා කලේ  එහෙම නැතුව නම් ගිය සැරේ ගිය විදියට එයා ආපහු මෙහේ එන්න හිතන්නේ වත් නෑ "

"සති දෙකක් හොදටම වැඩී, මොනවා හරි හිතන්න වෙනවා හියුන්ග් " ජූන් ඔප්පා දොර ලග හිටගෙන ම එහෙම මුමුණන කොට කිචන් එකේ ඉදන් ආපු කිම් ආන්ටි අපිව දැකලා කථා කලා,.

"අනේ ලමයි ඔයාලා ඇවිත්, බලන්න කවුද ආවේ කියලා,  මං ආන්ටිට ඊයේ අප්පා කෑම ගෙනාව තැනින් කෑම ඕඩර් කලා, එතන කෑම හරි රසයිනේ "

දෙයියනේ කිම් ආන්ටි ඔයා!!!මට ආන්ටි ගේ අරමුණ පැහැදිලි වුනත් ආන්ටි වැටිලා ඉන්නේ වැරදි ට්‍රැක් එකට කියලා මතක් වෙද්දි ආන්ටි ගැන සෑහෙන දුක හිතුනා,  එහෙමම මං ජූන් ඔප්පා දිහා බලද්දි ජූන් ඔප්පා අඩන්න ඔන්න මෙන්න මූනක් හදාගෙන කිම් ආන්ටි දිහා බලාගෙන ඉන්නවා,  I feel u ඔප්පා,  ඒත් අපිට  කරන්න දෙයක් නෑ.

කෑම කටේ පුරවගනම නහය අකුලගෙන අපි දිහා බලපු චෝයි ආන්ටි ආපහු කෑමට අවදානේ දෙද්දි අපි එතනින් මාරු වෙලා ආවා,  රූම්ස් වලට යන්න කොරිඩෝ එකට එද්දිම ගෙස්ට් රූම් එකෙන් එලියට ආපු කෙල්ලෙක් එක සැරේටම පැනලා ජන්කුක් ගේ බෙල්ලේ එල්ලුනා.

"චෝයි ආන්ටි ගේ ලේලී එලී" ටේ මගේ කනට රහසින් කියන කොට අපි ඔක්කොම බලාගෙන කියලා ගානක් වත් නැතුව ඒ කෙල්ල ජන්කුක් එක්ක හුරතල් වෙන්න පටන් ගත්තා,  ජරා ගොඩක් දැක්කා වගේ මූන ඇදකරගෙන යුන්ගි ඔප්පා එතනින් යද්දී,  හොබී ඔප්පත් යකෙක් දැකලා වගේ එතනින් දුවගෙන ගියා.
ජන්කුක් ගේ ඇගේ හැප්පිලා ම මමත් මගේ රූම් එකට ආවා.

🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴

හවස් වරුවම අසරනයෝ හත් දෙනා චෝයි ආන්ටිගේ හමුදා පාලනයට අහුවෙලා හිටියේ,  චෝයි ආන්ටිගේ කකුල් මිරිකන්න අහුවෙලා තිබුනේ ටේ මින් ඩබල, මල ගෙදරක කුලියට අඩන කපල් එකක් වගේ ෆුල් සෑඩ් මූනූ දෙකක් එක්ක ඩබල කකුල් අතගානවා දැක්කම පව් කියලත් හිතෙනවා අප්පා.

💥💥House of Bangtan 💥💥 ||JK MAIN || [Completed]Where stories live. Discover now