🥀 උනුහුම

57 10 6
                                    

සීතලයි... ඉකි බිඳින හදට...
වෘක හූ හඬ
චණ්ඩ මාරුත පරදා
අයිලයේ දොරකඩම...

බොඳ උනත් නෙත් මානෙ
මුලාවක තනි නොවී
මග සොයා යලි එන්න
පමා වී වුව ඉතින්
කම් නොවේ නුඹ එන්න..

කාලය ගෙවෙන විට
‍රිදෙන සිතුවිලි අතර
විඩාබර ගැහෙන හද
නොසන්සුන් නුඹ නමින්...

ගුරුතුමනි ඔබ කොහිද
සීත කල මැදින් වුව
වසන්තය ගෙන එන්න
හිම වැස්සෙ මිදුණ හද
සොයන උනුහුම ඔබයි....

#අල්තීනායි

දුඹුරු පාට ඇස්Where stories live. Discover now