💔first💔

528 81 13
                                    

(Stay song එකත් කැමතිනම් ඉතිං අහන්න.මං මේක ලිව්වෙ ඒක අහඅහ ෆීල් වෙනවා.. 🙂)



සුදු පාට වෙඩින් ඩ්‍රස් එකකට වෙනදට වඩා ලස්සනට පෙනුන ජියාගෙ මූණෙ තිබ්බ හිනාව මවා ගත්ත එකක් කියලා කාටවත් පෙනුනෙ නෑ.. අද කිම් ජියාගෙ විවාහය...

එහෙනම් ඇයි ජියා දුකෙන්...

ඇය හොදින්ම දැනන් උන්නා ⁣ඇය විවාහ වෙන්නෙ කොරියාවෙ සාර්තකම ධනවත්ම ඒ හා සමානව නපුරු ව්‍යාපාරිකයෙක් වෙන ජියොන් ජංකුක් එක්ක කියලා..

ඒක ආදරෙන් බැදිලා උන විවාහයක්ද?

නෑ ජියා කියන්නෙ කිම් පව්ල හදාගන්න ගත්ත ලමයෙක්. කොටස් වැඩි කර ගන්න ජියාව විකුනනවා වගේ වැඩක් මේක.

Jiya pov.

ජංකුක්... ඇයි දෙයියනෙ ඒ මනුස්සයම ජංකුක් ගැන කොරියාවෙ නොදන්න කෙනෙක් වගේම බය කෙනෙක් නෑ. ඒ වගේ කෙනෙක් එක්ක මං ජීවත් වෙන්නෙ..ඇයි දෙවියොත් මටම මෙහෙම කරන්නෙ.

මවා ගත්ත මූණකින් මං ඉස්සරහට ඇදෙනවා. මිනිස්සු ගොඩක් හිටියත් මං තනිවෙලා වගේ මට දැනෙන්නෙ. මං කෑ ගහලා අඩනවා ඒ්ත් කාටවත් මාව ඇහෙන්නෙ නෑ.ජියොන් ජංකුක්ගෙ හිතේ ආදරයක් තියෙන්න පුලුවන්ද?
හැම දේම මවාපෑමක් විතරයි.

~~~~~~~

හැමෝම දන්න කාරණයනම් ජියෝන් ජංකුක්ට එයාගෙම උන ආදරයක් තියෙනවා. ඒත් ඒ දෙන්නට එකතු වෙන්න දැං බෑ. හේතුව ජියා.

මංගල උත්සවයෙන් පස්සෙ අලුත් ජියෝන් යුවල ජියෝන් මැදුරට ගියා. මැදුර දැක්කම ජියාට ඉබේම හීල්ලුනා. ⁣ධනවත් කෙනෙක් උනත් ජියා මේ වගේ ගෙයක් දැකලා තිබ්බෙ නෑ.

තට්ටු 7කින් යුක්ත ජියෝන් මැදුර පිටතින් බලන ඕනෙම කෙනෙක්ට සිහි කරන්නෙ මිහිපිට දිව්‍යලෝකයක්...

ගාඩ්න් එකේ තියෙන නොකඩවා ඇද හැලෙන වතුර මල්, පීච් ගහක් යට තිබ්බ ලී බංකුව, සකුරා ගස්, නිල්ම නිල් පාට තටාකය, යකඩින් කරපු කහ පාට එලියක් විහිදුවන ලන්තෑරුම් ඒ විතරක්ද ඉඩම මැද තියෙන ආලෝකයෙන් අඩුවක් නැති සුවිසල් මැදුර මේ හැමදේම ⁣විදහා පෑවෙ දිව්‍යලෝකයක්.

SORRY|JJK|SHORT|✔|Where stories live. Discover now