christmas gift 🎅

451 149 13
                                    

After week

තවත් දෙවැනි නැති ඔම්මායි අප්පායි නැති නත්තලක්....

ඔම්මායි අප්පායි නැති උනාට පස්සේ දෙවැනි අපේ ඔම්මා උන නිසා අපි පොඩියට හරි නත්තල් සැමරුවා...ඒත්...

දෙවැනි ඔයා කොහෙද ඉන්නෙ ??

මට තාමත් ඔයා නෑ කියලා පිළිගන්න බෑ දෙවැනි...

පාර්ක් සූයන්ග්...ඔයා අපිව දාලා ගියේ නෑ නේද ??

ඔයා ඉන්නවා කියලා මට තාමත් දැනෙනවා..🥺🥺

ඔයත් එක්ක සතුටින් හිටපු අන්තිම නත්තල තාමත් මට අද ඊයේ වගේ මතකයි...ඔයා කොහොමද අපිව එහෙම දාලා ගියේ දෙවෙනි...එදා ඔයා මම ඔප්පා ටේ ඔප්පා ,ටේජි, කුකී, හොබි ඔප්පා, සේහි ඔන්නි, ජින් ඔප්පා, නම්ජුන් ඔප්පා හැමෝම එකට හුගක් සතුටින් හිටියා...ඔයා තමයි අපි ඔක්කොම එකට තියාගන්න පුරුක....ඒත් නත්තල හැමෝටම එක එක දේවල් දිලා ඇයි අපිට නැති කරේ... ඉස්සර නත්තලට ආස කරපු මන්...දැන් නත්තලට වෛර කරනවා..

දෙවැනි ගැන මතක් කර කර ඉන්නකොට ආයි මට හුස්ම ගන්න අමාරු උනා...ඔප්පා අද ගෙදර නිසා එයා එන්න ඉස්සෙල්ලා ඉක්මනට පේන් කිලර්ස් බීලා මන් පොඩ්ඩක් හාන්සි උනා..කිටීත් ඇවිල්ලා මට තුරුල් උනේ අඩන්න එපා කියනවා වගේ..

🐥 චූටී......🗣️🗣️

ඔප්පාගේ කටහඩ ඇහුන ගමන් මන් ඉක්මනට කදුලු පිහිද ගත්තා.

❤️ දේ ඔප්පා...එන්න ඇතුලට...දොර ඇරලා තියෙන්නේ

🐥 චූටි, අද රෑට හොබියාගේ ගෙදර යන්න ලෑස්ති වෙන්න..

❤️ ඒත් ඔප්පා ??

🐥 මන් දන්නවා චූටි ඔයා නත්තලට ආස නෑ කියලා..
ඒත් අපි මෙහෙම විදවනකොට දෙවැනි එහේ ඉදන් දුක් වෙනවා ඇති...දැන් ඇති මැණික...ඔයා ඔහොම විදවන්න එපා...මට ටේජි හැමදේම කිව්වා...

❤️ මන් විතරක් නෙමෙයි ඔප්පා...ඔයත් රෑට හීනෙන් බය වෙලා අඩනවා මන් දැකලා තියෙනවා ඔප්පා.. ඔයා අඩනවා මට බලන් ඉන්න බෑ ඔප්පා...ඔයා මන් නිසා ශක්තිමත් කියලා පෙන්නන්න එපා..මන් දන්නවා ඔයා තාමත් ඉස්සර චිමී තමයි..

🐥 කෝ මෙහෙ එනවා පන්ඩිත කෙල්ලෙ...

ඔප්පා මාව ඇදලා අරන් බදාගත්තා..අවුරුදු ගානකට පස්සේ ලැබුනු ඒ උනුහුමට මන් තවත් ගුලි උනා..මෙච්චර කාලයක් මට ඕන වෙලා තිබ්බේ ඒ උනුහුම..

🐱 MeOw 🐱 || YOONGI || Completed Where stories live. Discover now