Prologue

530 132 23
                                    

Namjoon POV

හැමෝම මගේ දිහා පුදුම වෙලා බලන් හිටියට මට එයාලා ගැන තිබ්බ කේන්තියට මට වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා. ජැකට් එකත් අරන් එලියට ආවට කොහේ කොහොම යනවද කියන එක ගැන මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නෑ. පාරක් පාරක් ගානේ යන එක මගේ පරෙස්සමට හොද නෑ කියලා දැන දැනම මම පාර දිගේ ගියේ කිසිම අරමුණක් නැතුව.

ෆෝන් එකට එක දිගට කෝල්ස් ආවත් මම ඒවා එකක් වත් ගණන් ගන්නේ නැතුව ඔහේ ගියේ ඔය ඔක්කොම එන්නේ ජින් හ්‍යුන්ග්ගෙන් වෙන්න ඕනේ කියලා මට හිතුන හන්දා. ඇස් වලින් කදුලු ආවත් මම ඒවා බිමට වැටෙන්න දෙන්නේ නැතුව පුලුවන් තරම් නතර කරගන්න හැදුවත් එක වෙලාවක මට කිසිම දෙයක් කරගන්න බැරි උනා.

පාලම ලගට වෙලා මම පාලමෙන් ඈත ගග දිහා බලාගෙන ඉන්න අතරේ මගේ ෆෝන් එක ආයෙමත් රින්ග් උනා. ගන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් ෆෝන් එක රින්ග් වෙන එක වදයක් විදිහට දැකපු නිසා මම අන්තිමට ෆෝන් එක ආන්සර් කරන්න තීරණය කරා. සේජින් හ්‍යුන්ග්!

'නම්ජූන්. කොහෙද ඉන්නේ ? ඉන්න තැනකින් මේ දැන්ම ආපහු එනවා'.

"මම ආයේ එන්නේ නෑ හ්‍යුන්ග්."

ෆෝන් එක කට් කරලා ඉවර වෙලා පවර් ඕෆ් කරන්න යනකොට මම දැක්කා ජින් හ්‍යුන්ග්ගෙන් මිස් කෝල්ස් ගොඩක් තියන හැටි. තව කුක්ගෙන් මැසේජ් එකකුත් තිබ්බා. අනිත් හය දෙනාටම කෑ ගහපු එක වැරදියි කියලා හිතුනත් මම ආයේ මගේ හිත තද කරගෙන ෆෝන් එක ස්විච් ඕෆ් කරා.

පාලමේ බැම්මට අත තියාගෙන මම ඉර බැහැගෙන යන හැටි බලාගෙන හිටියා.කවදාවත් මම ඉර බහින හැටි හරියට දැකලා නෑ නේද කියලා මට තේරුනේ මම අද හරියටම ඒක දැක්කට පස්සේ. වෙනදට මෙහෙම දෙයක් දැක්කම මම ඉක්මනට ෆෝන් එක අරගෙන ෆොටෝ එකක් අරන් ඒක ට්විටර් අප්ලෝඩ් කරාට මට අද ඒකට කිසිම ආසාවක් තිබ්බේ නෑ. මට අද හැමදේම එපා වෙලා තිබ්බා.

ජින් හ්‍යුන්ග් කරන දේවල් වලට කේන්ති ගියාට ,යුන්ගි හ්‍යුන්ග්ට බැන්නට, හෝසෝක්ට කෑ ගැහුවට , පොඩි තුන් දෙනාට නරකම විදිහට කතා කරාට මගේ හිතේ එයාලා ගැන කිසිම තරහක් තිබ්බේ නෑ..ඒ ඔක්කොම එයාලා කරපු දේවල් වල ආවේගයත් එක්ක මම කරපු දේවල්. ඒත් ඒ දේවල් හැමදේම මට බර වැඩි උනා.

එක එක්කෙනා කරන කරන වැරැද්දට පීඩි නිම් කතා කරනකොට මට දෙන්න උත්තර නැති උනා. සේජින් හ්‍යුන්ග් අනිත් අයගේ ඒවත් මගේ පිටින් දාලා මට කෑ ගහන කොට මම අනිත් අය වෙනුවෙන් ඒ ඔක්කොම ඉවසන් හිටියා. හැමතැනකදිම මෝඩ විදිහට හැසිරිලා එයාලා බෑන්ඩ් එකේ නම රිස්ක් කරනකොට මම ඒවට උත්තර දීගෙන හිටියා. ඒත් හැමදේකම සීමාව ඉවර වෙන දවසක් එනවා. අද මගේ සීමාව ඒ විදිහට ඉවර උනා. මට ඉන්න පුලුවන් උපරිම සීමාව ඒ විදිහට අද ඉවර උනා.

පාලමේ බැම්මට අත තියාගෙන මම ගග දිහා බලාගෙන ඉන්නකොටත් අනිත් අය කිව්ව දේවල් මගේ ඔලුවේ ආයේ ආයේ වද දුන්නා. මගේ ඔලුව මට එන්න එන්න එක එක විකාර දේවල් කියවන්න පටන් ගන්නකොට මම ඒ දේවල් පාලනයක් කරගන්න හැදුවත් කොහෙදො තැනකදි මට ඒ කිසිම දේක පාලනයක් නැති වෙනවා කියලා මට දැනුනා.



ලීඩර් කියලා මම මේ හැමදේම දරාගන්න ඕනෙද ?

මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා මම අන්තිමට එකම එක ප්‍රශ්නයක හිර උනා. ගග දිහා බලාගෙන මම කල්පනා කරේ අන්න ඒ ප්‍රශ්නය විතරයි. හැමදේටම උත්තර තිබ්බ මට ඒ ප්‍රශ්නනෙට උත්තරයක් නෑ කියලා මගේ හිත කියනකොට මම ආයේ ආයේ ඒ ප්‍රශ්නය මගේ හිතෙන් ඇහුවා.

ගගට පැන්නොත් මැරෙන්න කලින් ලොකු වේදනාවක් විදිලා මැරෙන්න වෙයිද?

නැත්තන් මාව එක පාරම මැරිලා යයිද ?




Dedicated to P4bts2001

Moonchild  |  Namjoon Centric  |  CompletedWhere stories live. Discover now