Taehyung

303 118 10
                                    

Namjoon's POV

මම නිදාගෙන ඉන්න අතරේ මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඔහේ රින්ග් වෙන්න දීලා මම ආයේ නිදාගත්තේ මට මේ වෙලාවේ නිදාගන්න එක හැමදේටම වඩා ලොකු වෙලා තිබ්බ නිසා. ආයේ පාරක් රින්ග් වෙන කොට ඇස් වහගෙනම ෆෝන් එක සයිලන්ට් කරල මම දිගටම නිදාගෙන හිටියේ කවුරු කතා කරත් මට වැඩක් නෑ කියලා හිතලා.

හොදටම නිදාගෙන කියලා හිතාගෙන නැගිට්ටත් මම ෆෝන් එක අතට අරන් බලනකොට මිස්ඩ් කෝල් තියෙන්නේ විනාඩි 8කට කලින් කියලා දැක්කට පස්සේ මට තේරුනා මම මහ ලොකු වෙලාවක්  නිදාගෙන නෑ කියලා. මිස්ඩ් කෝල් තියෙන්නේ පීඩී නිම්ගෙනුයි, සේජින් හ්‍යුන්ග්ගෙනුයි කියලා දැක්කට පස්සේ මම ඉක්මනට ඇදෙන් වාඩි උනේ මම පීඩී නිම් ගේ ෆෝන් කෝල්ස් කවදාවත් මිස් කරගන්නේ නැති හන්දා.

මම ඉක්මනට කෝල් එකක් ගත්තත් පලවෙනි පාර පීඩී නිම් ආන්සර් කරේ නෑ. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා බයට මම ආයේ සේජින් හ්‍යූන්ග්ට ගත්තත් එයා තුන් වෙනි රින්ග් එකේදි කෝල් එක කට් කරා. මම ආයේ පාරක් පීඩී නිම්ට ගන්නවද නැද්ද කියලා හිත හිත ඉන්න අතරේ ෆෝන් එක රින්ග් වෙනකොට පීඩී නිම්ගේ නම කෝලර් අයි ඩී විදිහට දැක්කට පස්සේ මම ඉක්මනට කෝල් එක ආන්සර් කරලා හෙලො කිව්වා.

'නම්ජූන් මොනවද කරේ මෙච්චර වෙලා ෆෝන් එක ආන්සර් කරන්නෙව් නැතුව.'

"සමාවෙන්න පීඩී නිම් මම.."

'දැක්කද ඩිස්පැච් එකේ අලුත් නිව්ස් එක මොකක්ද කියලා'

"න්-නෑ පීඩී නිම්."

'ඔයා මොන ලෝකෙද නම්ජූන් ඉන්නේ. ඩිස්පැච් එකෙම් ටේයුන්ගේ ඩේටින් රූමර් එකක් රිලීස් කරලා'.

"මො-මොකක්ද ?"

'හරි නම් ඔයයි මේවා මුලින් දැනගන්න ඕනේ. සේජින්වත් දන්නේ නෑ ටේයුන් දොලොස් වෙනිදා එලියට ගිහින් කියලා.එතකොට එයා කාට කියලද ගියේ?ඔයා මේ දේවල් දැන දැනම එයාලට සපෝර්ට් කරනවද? නම හදාගන්න මහ ලොකු කාලයක් ගියට නම කැත කරගන්න එකට තත්පරකුත් ඇති නම්ජූන්'.

'ම-මම බලන්නම් පීඩී නිම්"

'මම බලාපොරොත්තු වෙනවා ඔයා මීට වඩා වගකීමක් ඇතුව වැඩ කරයි කියලා. මම ඩිස්පැච් එකට ඔෆර් එකක් දීලා බලන්නම්. '

මම මොකුත් කියන්න කලින් පීඩි නිම් ෆෝන් එක කට් කරා. මගේ කේන්තිය වැඩි වෙනවා කියලා තේරෙනකොට මම ඉක්මනට දොර ඇරගෙන පහලට ආවේ පහලින් හැමෝම කතා කර කර ඉන්න සද්දේ ඇහුන හන්දා. හැමෝම ටීවි එකත් දාගෙන හිනා වෙවී ඉන්නකොට මට තවත් කේන්ති ගියේ මෙච්චර ප්‍රශ්න තියන වෙලාවකත් එයාලා මේ වගේ සැහැල්ලුවෙන් කොහොම ඉන්නවද කියලා හිතන ගමන්.

"තව හයියෙන් හිනා වෙනවා. මුලු කොරියාවටම ගිණි තියලා ඔයාලා තව හයියෙන් හිනා වෙනවා. "

"ජූන් හ්‍යුන්හ් රිලැක්ස් -"

"රිලැක්ස් වෙන්න තිබ්බා ටේයුන් තමුන් මෙතන ප්‍රශ්නයක්  දාගත්තේ නැත්තන්. තමුන් තමයි හැමදාම මේක ඇතුලේ රූමර්ස් හදන්න වැඩ කරන්නේ. කී පාරක් මම කිව්වත් වැඩක් නෑ පරිස්සම් වෙලා ඉන්න කියලා. පවුනේ කියලා යන්න දුන්නට පස්සේ ඒක මුලු කොරියාවෙම ගිණි තියන ප්‍රශ්නයක් කරලා නවතින්නේ-"

Moonchild  |  Namjoon Centric  |  CompletedWhere stories live. Discover now