Namjoon's POV
මම වාහනයට නැගලා ඇස් වහගත්තේ තව කවුරු හරි මෙතන ඇවිල්ලා කියවන්න පටන් ගත්තොත් මගේ අතින් මොනවා වෙයිද කියන බය මගේ හිතේ තිබ්බ හන්දා. ඉයර් ෆෝන් නොගෙනාව මෝඩකම කියලා හිතුනේ ජිමින් එක්ක ටේයුන් වාහනයට නැගලා කියවන්න පටන් ගත්ත හන්දා. මම එයාලව ගනන් ගන්නේ නැතුව තදින් ඇස් වහගෙන මගේ කේන්තිය පාලනය කරගන්න පටන් ගත්තා.
"ඊට පස්සේ ජින් හ්‍යුන්ග් ඒක දන්නේ නැතුව රූම් එකට ආවා එක පාරටම එයාගේ ඇද උඩ ටික තියන ඇදුම් ටික දැක්කට පස්සේ හ්‍යුන්ග් හිතුවේ ඒ ජන්ග්කුක් කියලා. හහ් හහ් හහ්"
"ඊට පස්සේ?"
"ඊට පස්සේ හ්‍යුන්ග් කුක්ගේ කනෙන් ඇදන් ඇවිල්ලා එයාගේඇද උඩ ඇදලා දාලා තියන ඔක්කොම ටික නවලා අස් කරන්න කිව්වා. කුක්කා මෙලෝ දෙයක් දන්නේ නැතුව උඩ බිම බැලුවා. හහ් හහ් හහ්.."
ජිමින්ගේ හිනාව මගේ කන් දෙක හිල් කරගෙන යන්න වගේ හන්දා මම ඇස් ඇරලා ඔලුව උස්සලා ජිමින් දිහා රවලා බැලුවේ කටවහගන්න කියලා මට එයාට බනින්න බැරි කමට. මම එයා දිහා රැව්වා කියලාවත් ජිමින්ට තේරුනේ නැති වෙනකොට එයා ටේයුන් එක්ක තව තවත් කියව කියව හයියෙන් හිනා උනා..ඒත් ජිමින් මට පිටු පාලා හිටියට මම එයාලා දිහා බැලුවා කියලා ටේයුන් දැක්කා.ටේයුන් ඉක්මනට ජිමින්ගේ අතින් ඇදලා නැවැත්තුවට පස්සේ ජිමින් පිටිපස්ස හැරිලා මගේ දිහා බැලුවේ මොකක්ද කියලා අහන්න වගේ. ඒත් මගේ මූනේ තිබ්බ කේන්තිය තේරුම් අරන්ද කොහෙද ජිමින් කටවහගෙන සමාවගත්තා.
"සොරි හ්යුන්ග්."
මම ආයේ ඇස් වහගෙන ශීට් එකට හේත්තු උනේ මේ කිසිම සද්දයක් මට ඇහෙන්න එපා කියලා හිතාගෙන. ඒත් ඒ වෙනුවට ජිමින් ටේයුන් එක්ක රහසින් කතා කරන්න පටන් ගත්තේ මගේ කේන්තිය තවත් වැඩි කරන ගමන්. අද දවසට මට තව කෙනෙක්ට කෑ ගහන්න ඕනේ උනේ නැති හන්දා මම කේන්තිය පුලුවන් තරම් පාලනය කරගෙන ජිමින්ට නොබැන ඉන්න හිතාගත්තා. ඒත් එක්කම මගේ ඇස් පියවුනේ මට ඕනෙම වෙලා තිබ්බ නින්ද මට දෙන ගමන්.
"ජූන් හ්‍යුන්ග්."
"හ්‍යුන්ග්."
මගේ ඇස් පියවුනත් මගේ නින්ද හරියටම මගේ ලගට එනකොට කවුරු හරි මට කතා කරලා නැගිට්ටෙව්වා. මට නිදාගන්න හම්බුනේ එක ගැන තිබ්බ කේන්තියට මම නැගිට්ටපු කෙනා කවුද කියලා බලන්නෙ නැතුව එක පාරටම අතත් ගසා දාලා කෑ ගැහුවා.
YOU ARE READING
Moonchild | Namjoon Centric | Completed
Fanfiction~ලීඩර් කියලා මම හැමදේම දරාගන්න ඕනෙද ? -මගේ හිතේ තිබ්බ ප්රශ්න ඔක්කොම අමතක වෙලා මම අන්තිමට එකම එක ප්රශ්නයක හිර උනා. ගග දිහා බලාගෙන මම කල්පනා කරේ අන්න ඒ ප්රශ්නය විතරයි. හැමදේටම උත්තර තිබ්බ මට ඒ ප්රශ්නනෙට උත්තරයක් නෑ කියලා මගේ හිත කියනකොට මම ආයේ...