අවංක නදීශාන් අපේ පන්තියේ ඇතුලට ඇවිදගෙන එද්දි මම “හාලේලුයියා!” කියලා දෙවියන්ට ප්‍රශංසාකරලා තිස්තුන්කෝටියක් දෙවියන්වෙනුවෙන් පපරකාවඩි පාරක් හිතෙන්දැම්මා.
මට දැනුණේ වෙලාව මන්දගාමීවෙලා ඉටිපන්දම් දාහක් පන්ති කාමරේ ඇතුලෙ පත්තුකළා වගේ හැඟීමක්. හරියට හින්දි චිත්‍රපටයක නලුවා එනකොටදාන ෆිල්ම් ඉෆෙක්ට්එකක් වගේ. මේස පුටුපෙරලගෙන දුවගෙන ගිහිල්ලා අවංකගෙ ලොකුම ලොකු කන්දෙක (කන්දෙක… තන්දෙක නෙමෙයි හොඳේ?! එයාට තන් නෑ.. එයාට තියෙන්නෙ ලස්සන කටුබොඩියක්!) මිරිකලා… දිගැටි නහය හපලා… කෙට්ටු ඉන දෙපැත්ත කිචිකවලා හංකුචි හංකුචි කරන්න හිතටආපු ආසාව නවත්තගත්තෙ පන්තිය තව ළමයි තිහක්විතර ඉන්නවා කියලා බොහොම අමාරුවෙන් මතක් කරගෙන.
"කට වහගනිං… කෙලත් වැක්කෙරෙයි තව ටිකකින්…" නදී, මගේ බෙසිටියා වැලමිටෙන් මගේ ඉනපැත්තට ඇන්නාම තමයි මගේ කට හෑයිගාලා ඇරිලා කියලා මීටර්වුනේ.
මම ඉක්මනට කටපියාගෙන කෝකටත් කියලා කොටුකොටු ලේන්සුවෙන් කට වටේටත් පිහිදගත්තා.
"අනේ එයා අපේ පන්තියේ!! අනේ ශෝයි නදී!"
"උහ් හුහ්…!"
"අනේ එයාට ගර්ල්කෙනෙක් නෑනේ?"
"නැද්ද කොහෙද…"
"මං කොහොමහරි එයාව දාගන්නවා!"
"හ්ම් හ්ම්ම්.."
"පස්සේ මැරිකරලා එයාගේ සර්නේම්එක දාගන්නවා... එතකොට මම අමා විජේකෝන්… කොමටත් මම දැන් සර්නේම්එකට කැමතිනෑ…"
"ම්ම් හ්ම්ම්ම්…"
නදී උත්තරදෙන්නෙ ඕනාවට එපාවටවගේ. හරි ඉතින්… අවංක නදීශාන් විජේකෝන්ගැන අවුරුදු ගාණක ක්රශ්එකක් තියෙන්නෙ අමා සිල්වා වෙච්ච මටමිසක් නදීට නෙමෙයිනේ. හැබැයි ඉතිං ඔයටවඩා තමන්ගේ හොඳම... හොඳම… හොඳ... යාලුවාවෙනුවෙන් උද්යෝගිමත්වෙලා කතාකරන්න බැරිද?!
YOU ARE READING
ඉස්කෝලෙ කාලේ ආලේ
Humorපාසල් ප්‍රේමේ සුන්දරයිලු!! සුන්දරවෙන්න තිබුනා ප්‍රේමවන්තයා ඉස්සරහා කව්පියි සම්බෝලයි වමනෙ නොදැම්මනම්! එකොලහ වසර ඉවරවෙන්න කලින් අවංකට තමන්ගේ හිතේ තියෙන ආදරේ කියනවාමයි කියලයි අමාගේ නම් බලාපොරොත්තුව. නදී -අමාගේ බෙස්ටි- ඕක දැනගෙන හිසරදේ හැදිලාවගේ එයාගේ...