දෙසැම්බරේ

704 165 126
                                    


දුකේ බෑ, නදීගේ ලව්එකටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

මීකනාගෙයි මගෙයි සැලසුම කිරිගහට ඇන්නාවාගෙ සාර්තකවුනා. 

නදියයි නිමේශුයි ෆිල්ම් හෝල්එකෙන් එලියට ආවේ අත්දෙකත් එකට අල්ලගෙන! ඇහුවම කිව්වා ඇතුලේ ඒසීඑක නිසා නදීගේ අත සීතලවෙලාලු! අනේ ඒකිගේ අත! මට හිතුනා 'අනේ ඇත්තද නිමේශ්... නදීගේ එක අතකින් අල්ලගෙන ඉන්නෙ එයාගෙ එක අතක්විතරද හීතලවුනේ? අනිත් අත හීතල නොවෙන්න ඒක කොහෙද තිබ්බෙ?' කියලත් අහන්න. ඒ ප්‍රේමේ දලුලාගෙන එනකොටම කටකැඩෙන කතා කියන්න හොඳම නැහැනේ. මම ඒගැන කල්පනා කරලා නිකාහිටියා.

පස්සෙ ඉතිම් අනේ... නිමේශයා පිස්සු හැදිච්ච බලුකුක්කු පැටියෙක්ගානට නදියගේ පස්සෙන්. ඉස්කෝලෙදිත් නදියා නිමේශයාදිහා හොරෙන් බලබල මුකුලුහිනා පානවා මම බලාගෙන. නොදැක්කා වගේ හිටියා. ඉස්කෝලෙන් එලියට බැස්සට පස්සෙනම් ඇතිවෙන්න විහිලුකලා. ඒ ඉතින් කවුරුවත් නැතිතැනනේ! ඒනිසා ගානක් නැහැ.

නිමේශයට පිස්සු හැදිච්ච බලුකුක්කෙක් කියලා කිව්වෙ නිකන්ම නෙමෙයි හරිද? ඔහොම හිතෙන්නත් හෙතුවවුනේ උගේම ක්‍රියාකලාපය තමයි. නදීගෙ අම්මා නිමේශ්ලගේ කඩෙන් බඩුගන්න ගිහින් ඇවිල්ලා බලනකොට සමහර බඩුවලට සල්ලිඅරගෙන නැහැ කියලා එකටම මීටර්වෙලා තියෙන්නෙ නදියට හොඳවෙලාවට! එහෙමත් නැත්නම්, ගත්තේ නැති සමහරක් බඩුජාති මල්ලෙ ඇතුලේ තියේලු. ටොපි... චොකෝ... පුංචි පුංචි ස්ටිකර්... නදියා ඒවා දැක්කගමන් වැඩේ තෙරුම්අරගෙන ඉක්මනට කඩේට ගිහින් බාරදීල ඇවිල්ලා. එහෙම කරනඑක නැවැත්තුවේ නැත්නම් වෙනකඩේකින් බඩුගන්නවා කියලා නිමේශ්ටා තර්ජනේ කරාලු. පස්සෙ ඉතිං දැන්නම් ගන්න මිලට බඩුදෙනවා. ටොපි චොකෝ ඉස්කෝලෙට ගෙනත්දෙනවා.

දෙසැම්බර් කිට්ටුවෙනවත් එක්කම මම පොතින් මුහුන එලියටගත්තේ නැහැ.

"මුල ඉඳලම ඔහොම පාඩම්කලානම් කොයිතරම් අපූරුද?" අම්මා.

"දැන්වත් තේරුනානම් හොඳයි!" තාත්තා.

"අපෝ! දැන් පාඩම් කලාකියලා මතක හිටින්නේ නැහැ!" නංගී.

අම්මයි තාත්තයි දෙන්නම නංගිට තරවටුකලා කටපියාගෙන වැඩක්කරගන්න... අක්කට අවවාද දෙනවනම් තමුන් ක්‍රියාවෙන්ම ඒ අවවාදෙ දෙන්න කියලා. නංගි බුම්මගෙන ගියා. මම විරිත්තලා හිනාවුනා.

ඉස්කෝලෙ කාලේ ආලේWhere stories live. Discover now