අගොස්තුව

422 144 44
                                    


අගෝස්තුව

ඒක හරියට අවට සිරිනරඹන්න ලස්සන කන්දක් මුදුනට එක්කගෙන ගිහිල්ලා "ඔන්න බලගනින් සිරිය!' කියලා කවුරුහරි කන්දෙන් පහලට තල්ලුකලාවගේ හැඟීමක්.

මාව ගල්ගැහිලා... තුශ්නිම්භූතවෙලා... ඔලමොට්ටංවෙලා ගියා.

මම හිතන්නෙ මගේ ඉශ්ට දේවතාවා මහඑපාකරපු ජෝක්කාරයෙක් වෙන්න ඕනි. නැත්නම් මේවිදිහට අන්තිම සවුත්තුවිදිහේ දේවල් කරාවිද? මම පුන්චිකාලෙ ඉඳන් අරගෙනආව ක්‍රශ්එක එකපාරටම මාව ක්‍රශ්කරලා දැම්මා! මාව ක්‍රශ්කරාටත්වඩා පරමානුබවට පත්කරල දැම්මා කිව්වානම් තමයි හරි!

ගෙදරගිහිල්ලා වෙනදාවගේ කාත්එක්කවත් කතාවක් නැතුව තනියෙම මම කාමරෙටවෙලා කල්පනාකලා.

අවංක එහෙනම් මට කිට්ටුවෙලා තියෙන්නෙ මාවයාලුකරගන්න... මාත්එක්ක කතාබහකරලා මාව මිසිස් විජොකොන් කරගන්න නෙමෙයි. එයට උවමනාවෙලා තියෙන්නෙ නදීව මිසිස් විජෙකෝන් කරගන්න! මගේ යාලුවව! මං අහන්නෙ- මට නැතිව නදීට විතරක් මොනවද අප්පා තියෙන්නෙ?

විභාගෙට ගන්න ලකුණු?! - මගේ මොලේ උත්තරදුන්නා.

ඒකත් ඇත්ත හැබැයි. නදී වෙනම බ්‍රැන්ඩ්එකක්. අනාගත් ප්‍රොෆෙසර් බ්‍රැන්ඩ්එකක්. ශුවර්එකටම ඒකිගේ මොලේ ඇඟපුරාවටම ඇති. මීකනා - අවංක කියද්දි හිතරිදෙනනිසා එයාට අලුත් නමක් පාවිච්චිකරන්න මගේ හිත තිරනයකරලා- මීකනා කැමති ඇඟපුරාම මොලේතියෙන කෙල්ලන්ටද කොහෙද? සමහරවිට නදී එදා කබඩ්එක ඇතුලෙ හංගගත්තේ මීකනාව වෙන්නඇති!!

එහෙම හිතෙනවත් එක්කක මගෙ ඇස්වලට කඳුලු එනවා මට දැනුනා!

ඕ-මයි–ගෝව්ඩ්!

මේ මුලුකාලෙ තිස්සෙම නදීකරලා තියෙන්නෙ බොරුව! එයා මට උදව්කරනවා වගේ මීකනාට ලයින්කරලා.

මගේ හිතට ආවෙ ලොකුකෙන්තියක්. ඇඬුනෙ කෙන්තිය නිසාමයි. මම ඇඳ්ටපැනලා කොට්ටේ බදාගෙන හයියෙන් කෑගහල අඩන්නගත්තා.

"මොකෝ මේ වැළහින්නවගේ මැරෙන්න හදන්නෙ?" අම්මා.

"මම කිව්වේ සෝඩා බෝතල්වලට මොනහරි විසක් කලවංකරලා ඇතිකියලා." තාත්තා.

ඉස්කෝලෙ කාලේ ආලේWhere stories live. Discover now