සැප්තැම්බරේ

434 144 97
                                    

පස්සෙයි දැනගත්තේ අලුත් කවුන්සිලින් සර් අවංකගේ අයියා කියලා.

මීකනාගේ අයියා මීකනාවගේම පෙනුනඑක අහන්න දෙයක් නෙමෙයි. මම වැඩිපුර වචන කාලා හෝ….ස්ගාලා වමනේ දැම්මාවගේ පැයට සැතපුම් එකසියපනහයි දශම තුනක වෙගෙන් කියෝගෙන කියෝගෙන ගිහිල්ලා තියෙන්නෙ මගේ ක්‍රශ්එකගෙම වැඩිමහල් අයියා ඉස්සරහ. ගෙදර ඇවිල්ලා කල්පනාකරලා බැලුවම කිව්වෙ මොනවදවත් කියලවත් මතකනැහැ කියන්නකො... 

අව්ංකගෙයි මගෙයි ලමයි තුන්දෙනාගෙ සීන්එකත් කිව්වද? 

අපි දෙන්නගේ නූපන් ලමයින්ගේ නමුත් කිව්වද? 

මම නියපොතුකකා කල්පනා කලා. 

කොහොමහරි මම ලතොනිදීලා කියවපු ඒවා ලසිකා අක්කා ටොයිලට්එකේ මුර සංචාරෙ ගිහිලා එනඩිංගට අහගෙන ඉඳල! එයා පත්තුකරලා ගානට! දෙබරෙකට කොට්ටෝරුවෙක් ඇනලා පස්සෙ දඩාංගාලා පොල්ලකින් ගැහුවාවගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහොමහරි මම ලතොනිදීලා කියවපු ඒවා ලසිකා අක්කා ටොයිලට්එකේ මුර සංචාරෙ ගිහිලා එනඩිංගට අහගෙන ඉඳල! එයා පත්තුකරලා ගානට! දෙබරෙකට කොට්ටෝරුවෙක් ඇනලා පස්සෙ දඩාංගාලා පොල්ලකින් ගැහුවාවගේ. ඉස්කොලෙ ඉවරවෙලා එලියට බහිනකොට මගේදිහා හමෝම බලාගෙනහිටියේ හරියට අඟහරු ලොකෙන් ඉස්කොලෙට පාත්වෙච්ච හොටදිග ඔලුදෙකේ පුබ්බරවෙල චුකුලෙක්ගානට! (අහන්න එපා මොක්කුද ඒ කියලා!) 

මම හිතුවා අපේ නිවැසියන් එකතුවෙලා මාව රාජදානියෙන් නෙරපාහරිවි කියලා. 

අදිපති අංකලට ලියුමකුත් ලියාගෙන මෙට්ටෙයට තියාගෙන හිටියේ බැරිවෙලාවත් එලියට දැම්මොත් තාවකාලිකව සෝඩා පැට්ටරියේ පියනීකෙනෙක් හැටියට (පියන්ගේ ස්ත්‍රීලිංග පදේ පියනීද??) 

අම්මා තාත්තට බැන්නා ලමයිගැන ඊටවඩා හොයලා බලන්න ඕනි කියලා. තාත්තා නංගිට බැන්නා ඉස්කොලෙදි අක්කට කරදරයක්වුනාම්වත් ගිහිලා උදව්කරන්න තරම් සහෝදර කැක්කුමක් නැද්ද කියලා. නංගි අම්මට බැන්නා මට කොල්ලෙක් ගෙදරින්ම හොයල දුන්නානම් මෙහෙම ලැජ්ජවෙන්න දෙයක්නැහැ කියලා.

ඉස්කෝලෙ කාලේ ආලේWhere stories live. Discover now