Bullying 🥺

468 140 0
                                    

කිටි හොස්පිටල් එකේ දවස් දෙකක් ඉදලා ඊයෙ තමයි ගෙදර අරන් ආවේ..එයා ලගට වෙලා අදත් මට ඉන්න ඕන උනත් ඔප්පාගේ බලකිරිල්ල නිසාම මන් කොලේජ් ආව..පාඩමක් අහන් ඉන්න තරම් මූඩ් එකක් නැති නිසා මන් රූෆ්ටොප් එකට ආවා..

මාලේ දැම්මාම ආයි සිහිය එයි කියලා හිතුවත් යූන්ගි ඔප්පා ගෙදර අරන් ආවත් සිහිය ආවේ නෑ..ඩොක්ටර් නම් කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලා..

ඒත් මට මාත් එක්කම කේන්ති...එදා පැස්ටා එක මන් කිටියට කන්න නොදි මන් මැරුනා නම් හොදයි කියලා හිතුනා..මගෙයි වැරැද්ද...මන් නිසායි එයා මෙහෙම ඉන්නේ..ඒත් තාමත් අපිට හිතාගන්න බැරි වස දාපු පැස්ටා අපිට එව්වේ කවුද කියලා..අනික මන් කන්න කැමතිම කෑම දන්නේ කවුද ?? ඔප්පා නම් හොදටම බය වෙලා ඉන්නේ..එයා අනිත් ඔප්පලා එක්ක මේක හොයන්නම් කිව්වා..එයාට බය ඇති...මාවත් දෙවැනි වගේම එයාට නැති වෙයි කියලා..පැස්ටා එකේ වස තියෙනවා කියලා කියපු වෙලේ ඔප්පා මාව බදාගෙන අඩපු විදියෙන්ම එයා මට කොච්චර ආදරේ කරනවාද කියලා තේරෙනවා.

💚 සෝයා...??

❤️ හ්ම්..

💚 යූන්ගි ඔප්පාට තාම සිහිය ආවේ නැද්ද ??

මට නෑ කියලා කියන්නවත් වචන ආවේ නෑ... මගේ ඇස්වල කදුලු පිරුනා... ලේසියෙන් අඩන්නේ නැති මන් අද ටේජිව බදාගෙන අඩන්න ගත්තා...

💚 අනේ ලමයෝ අඩන්න එපා..යූන්ගි ඔප්පාට ඉක්මනට සිහිය එයි...ඩොක්ටර් කිව්වානේ බය වෙන්න එපා කියලා

❤️ ඒ..ඒත් මන් නිසයි එහෙම උනේ..ම..මන් එදා එයාට කන්න කිව්වේ නැත්තන් මුකුත් වෙන්නේ නැනේ...එ..එහෙනම් එයා හොදින් ඉන්නවා...ම..මන් නිසයි හැමදේම..

💚 ඔයාට වැරැද්ද පටවගන්න එපා මැණික..එයා හොදින් නේ...ඉක්මනට සිහිය එයි..

❤️ ඒ..ඒත් ම..මට එයා නැතුව ඉන්න බෑ.. එ..එයාට ඉක්මනට නැගිටින්න කියන්න...ඉක්මනට ඇවිල්ලා මාත් එක්ක ර..රන්ඩු වෙන්න කියන්න...ම..මගේ මූන බලන් හිටියාට ම..මන් මුකුත් කියන්නේ නෑ කියන්න...

💚 හරි මැණික...සෝයා..මන් ඔයාගෙන් දෙයක් අහන්නද ??
ඔයා යූන්ගි ඔප්පාට ආදරේ කරනවාද ??

🐱 MeOw 🐱 || YG || Completed Where stories live. Discover now