8 episode 💜️

85 11 0
                                    

                 @ university🏤

සෝආ ජිමින් ගාවට ගිහින් වාඩි වෙනකොට අනිත් කට්ටිය එක එක සද්ද දැම්මා. ඒකෙන් සෝආ චෙරි ගෙඩියක් වගේ රතු උනා.

Jimin - මොකෝ මේ රතු වෙලා ම්ම්ම්ම්.

Seo Ah - ආහ්... මම ? නෑ එහෙම නෑ.

Jimin - නැත්තෙ මොකෝ රතු වෙලා ඉන්න විදිහ දැක්කම කන්නමයි හිතන්නෙ.

Seo Ah - අම්මෝ... මෙතනදි කන්න එපා.

Jimin - අපෝ මගෙ කෙල්ල මං හිතුවට වඩා වල් නෙ අප්පා.

සෝආ ඒකට මූන අතකිනුත් වහන් හිනා වුනා. ඒ එක්කම ජිමින් සෝආගෙ මූනට ලං වෙලා සෝආගෙ කනට කරලා හිමීට ඇහුවා

Jimin - එහෙනම් කන්න පුලුවන් තැනකට යමුද ?

කියලා ඒ කතාවට නම් සෝආගෙ හිනාව කොහෙන් ගියාද මන්දා. සෝආ ඇස් දෙකත් ලොකු කරන් ජිමින් දිහා බැලුවා. ඒ බැල්මට ජිමින්ට හිනා ගියෙ නෑ කිව්වොත් බොරු ඉතින්.

ජිමින් හිනා වෙන දිහා සෝආ බලං හිටියා කන්න වගේ. සෝආ බලං ඉන්නෙ කියල ජිමින්ට තේරුනාම ජිමින් හිමින්සැරේ හිනාව හංගගෙන එයාගෙ අත් දෙකෙන්ම සොආගෙ එක අතක් අල්ල ගත්තා. අල්ලන් ජිමින් මොනාහරි කියන්න ගියා කියන්න යද්දිම එයාලගෙ professor ආව නිසා ජිමින්ට කියන්න ගිය එක කියා ගන්න බැරි උනා.

             

               @ boys house 🏠️

ජින් සෝෆා එකේ වාඩි වෙලා ටීවි එක බල බල ඉන්නකොට හොබී ආව නිසා ජින් ගිහින් ගේට් එක ඇරියා. හොබී කාර් එක පාක් කරලා ඇවිත් සෝෆා එකේ අත් දෙකයි කකුල් දෙකයි දිග ඇරලා වාඩි උනා.
ඇත්තටම කිව්වොත් ඒකට වාඩි උනාමත් කියන්න බෑ. පෙරේතයා පොලේ ගැහුව වගේ සෝෆා එකට පැන්නා කිව්වොත් හරි. මොනා උනත් සොෆා එකට පැන්න විදිහට නම් පේන්නෙ එයාට හොදටම මහන්සි පාටයි. ඔව් එයා ඉන්නෙ හොදටම මහන්සි වෙලා. අදත් පාන්දර 2ට විතර ශැලී මාෆියා කින්ග් කෙනෙක්ව මරලා. හොබී අද ගියේ එකේ වැඩකට. අද වෙච්ච මිනීමැරුමෙ විස්තර ටික DGPට දීලා තමා එයා ගෙදර ආවෙ. හොබීගෙ මූන හොදටම මහන්සි පාටයි.

Jin - හොබියා මොකෝ... මහන්සිද ?

Hobi - අනේ ඔව් බං. අන්න අරකි අදත් කාවද මරලා බං. ඒකේ වැඩ ඔක්කොම බලලා ෆයිල්ස් ඔක්කොමත් බලලා ඒ ටික DGPට දීලා ආවෙ බං. උබ අද ඔෆිස් එක පැත්තෙ ගියෙ නැද්ද ?

seoul lovers 💕Where stories live. Discover now