20 episode 💜️

80 10 23
                                    


                 @ university 🏢

යුන්කිව ජන්ග්කුක් ඇදන් යන දිහා කට්ටියම බලං හිටියෙ හරියට ඒ දෙන්නව කන්න බලං ඉන්න සොම්බි ටිකක් වගේ. එයාලා පේන්නෙ නැතුව ගියාම සූමින් කතාවකට මුල පිරුවා.

Sumin - ආ.. මේ.... කට්ටිය මං දෙයක් කියන්න හිටියෙ ඔයාලට.

Min Ha - මොකද්ද ??

Sumin - මං ජොබ් එකක් කරන්න හිතුවා. මං ඇප්ලිකෙශන් දැම්මා. අනිද්දට ඉන්ටර්විව්.

Ji woo - මොකක් කියන්නේ ?? ආයෙ කියාම් මයෙ අම්මා.

Sumin - හී.. හී... ඇයි..

Ji Ha - උබ කොහොමද අපිටවත් නොකියා එහෙම තීරණයක් ගත්තේ ???

Sumin - ඔයාලට කිව්වොත් ඔයාලා යන්න දෙන්නෙ නෑ කියලා දන්න නිසා කිව්වෙ නැත්තෙ.

Seo Ah - ඉතින් උබලගෙ පවුලෙන් උබට ලැබෙන සල්ලි මදිද ?? අපි හැමෝම සල්ලි නැති මිනිස්සු නෙමෙයි නෙ.

Sumin - ඒක ඇත්ත. අපි හැමෝම සල්ලිකාර පවුලවල ලමයි තමා. ඒත් මට ඕනෙ මගේ උත්සහයෙන් තැනකට එන්න.

Aro - ඒකත් ඇත්ත හැබැයි. කමක් නෑ ඔයාගෙ කැමැත්තක් කරන්න. ඒත් අපිට දුක මේ ගැන අපිට නොකියපු එක ගැන.

Jimin - එතකොට ඔයා ජොබ් එකට යනකොට යුනී එකේ වැඩ වලට මොනාද කරන්නෙ ??

Sumin - ම්ම්.... මෙහෙමයි. කොහොමත් අපි ලබන මාසෙ උපාධිය අරන් යුනී එකෙන් අයින් වෙනවානෙ.

Jimin - හ්ම්ම්.... ඔව්...

Sumin - ඉතින් ලබන මාසෙට තව දවස් දෙක තුනයිනෙ තියෙන්නෙ. කොහොමත් අන්තිම මාසෙ යුනී යන එක එච්චර වැඩගත් නෑනෙ. ඒක නිසා උදේ වරුවෙ ජොබ් එක කරලා හවසට ගෙදර ඇවිත් පාඩම් කරනවා.

Sangwon - මරු හැබැයි අදහස ඒත් ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඔෆිස් ගිහින් බාගෙට මැරිලා ඇවිත් ආයෙ පාඩම් කරන්න ගත්තම එපා වෙයි.

Sumin - ඒක ගානට හැන්ඩ්ල් කරගන්න වෙනවා. ඔච්චර මහන්සි වෙන්න වෙන්නෙ මාසයයිනෙ. ඊට පස්සෙ යුනී නෑනෙ. ඒ මාසෙත් ඉක්මනට ගෙවිලා යයි.

Tae - මට නම් ඔහොම වැඩ කරන්න ගියොත් පිස්සු හැදෙයි.

Ha Yoon - ඔයා ඉතින් කොහොමත් පිස්සානෙ.

seoul lovers 💕Hikayelerin yaşadığı yer. Şimdi keşfedin