ඉවරවෙන්න ලගයි මේ කතාව..
_____________________________________NO ONE POV
ජන්කුක් පැය දෙක තුනක්වත් නිදා ගත්තෙ නෑ. එයා උදේ 7 වෙනකොට නැගිට්ටා. ජන්කුක් වෙනදා වගේම breakfast හදලා එකෙන් බාගයක් තේහියුන්ග්ට තියලා ඉතුරු බාගෙ එයාගෙ කෑම පෙට්ටියේ දාගෙන වැඩට අරන් ගියා.
අනේ ජන්කුක්ට කොච්චරනම් ඕනි උනාද තේහියුන්ගෙ කාමරේට ගිහින් එයා මොනවද කරන්නෙ බලන්න.. එයාගෙ නලලට හාදුවක් දීලා මං ගිහින් එන්නම් මැනික කියලා වැඩට යන්න... ඒත් එයාට ඒ කිසි දෙයකට අවසර තිබ්බෙ නෑ..
_______________________________
තේහියුන්ග් නැගිට්ටෙ ජන්කුක්ටත් කලින්. එයාට ඇස් දෙක අරින්නම පැය බාගයක් විතර ගියා. ඔලුව හරියට කවුරුහරි ගලක ගහලා වගේ.. ඒ තරම් කැක්කුමයි. ඔලුව විතරක් නෙමේ තේහියුන්ගෙ මුලු ඇගම රිදෙන්න ගත්තෙ ඊයෙ රෑ බිම නිදා ගත්ත විදිහ නිසා..
ඒත් ඒ හැම දේකටම වඩා වේදනාවෙන් ඇදුම් දුන්නෙ එයාගෙ හදවත.. ජන්කුක් කෑලි කෑලි වලට ඉරලා දාපු ඒ හදවත...
තේහියුන්ග් ඇස් දෙක ඇරියත් එයා බිමින් නැගිට්ටෙ නෑ. එයා අගලක්වත් හෙල උනේවත් නෑ. එයා මැරිච්ච මිනිහෙක් වගේ ඔහේ බිම දිගා වෙලා ඉදියා.. එයා තවත් ඇඩුවෙ නෑ.. එයා ඇත්තටම දැන් හදවතින් මැරුන මිනිහෙක් තමා..
තේහියුන්ග්ට ඇහුනා ජන්කුක් ගේ ඇතුලෙ එහෙ මෙහෙ ඇවිදින අඩි සද්දෙ.. එයාට ඇහුනා එයාගෙ හස්බන්ඩ් කුස්සියේ කෑම හදන සද්දෙ.. ඒ වගේම එයාට ඇහුනා ජන්කුක් ගෙදරින් එලියට යන සද්දෙ.. ජන්කුක් හැමදාම වැඩට ගියේ උදේ 8ට. ඒකයි තේහියුන්ග් දැන ගත්තෙ වෙලාව අටයි කියලා..
ඒ විදිහට තප්පර, මිනිත්තු, පැය විදිහට ඔරලෝසුවේ කට්ට කැරකුනත් තේහියුන්ග් බිමින් නැගිට්ටෙනම් නෑ. එයාගෙ හුස්ම ගන්න තාලෙට පපුව උස් පහත් උනේ නැත්තම් වෙන කෙනෙක් හිතන්න තිබබා එයා මැරිලා කියලා.. මොකද තේහියුන්ග් ඒ තරම් නිසොල්මන්..
YOU ARE READING
Bestest Boy ♡Taekook Sinhala♡ 《Complete》
FanfictionShort story.. පපුව පැලෙන්න තරම් ආදරයක් හිත් යට හංගගෙන, දුක් විදින කොල්ලෝ දෙන්නෙක්ගෙ ආදර කතාව..