02 කොටස

806 184 25
                                    

පිට දිගේ ගලන වේදනාව නිසා තමන් ටික වෙලාවක් යනකොට බිමට පත බෑවෙයි කියලා Jung kookට තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

බොහොම අමාරුවෙන් කෙඳිරි ගාන ගමන් පාර අයිනෙ තියෙන වැටට වාරුවෙන්න කියලා ඔහු තමන්ගෙ දකුණු අත දිග් කලත් හැමදාමත් වගෙ ජන්කුක් කරන කරන දේ සිද්ද වෙන්නෙ අනිත් පැත්තට කියන සිද්ධාන්තයට අනුව ජන්කුක් අනිත් පැත්තට වැටිලා නහය බිම ඇන ගත්තා.... කොඳ ඇට පෙළ එලියට පනිනවා වගේ හැඟීමක් එද්දී කකුල් දෙක පණ නැති වුනු ජන්කුක්ට දැනුනේ තමන්ගෙ ආත්මය තමන්ගෙන් නිදහස් වෙලා අහසෙ පාවෙලා යනවා වගෙ හැගීමක්....

-

-

-

තමන්ගෙ ඔලුව මුහුදක ඔබලා තියලා ආයෙත් එලියට ගත්තා වගෙ හැගීමක් දැනෙනකොට ජන්කුක් තමන්ගෙ බර වෙලා තියෙන ඇස් දෙක ඇරලා වට පිට බැලුවා...

"ඔයා හොඳින් ද?"

හදුනා නොගත් පිරිමි කටහඬක් තමන්ගෙ පෙලිලා තිබුන ඔලුව උඩින් ඇහුන නිසා Jung kook තමන්ගෙ වැඩකට නැති ඔලුව උස්සලා බැලුවා.

"ආව් රිදෙනවා" ඔහු කෙඳිරුවෙ වේදනාව දරාගන්න බැරිම තැන

"කෙලින් වෙන්න බලන්න."  ආයෙමත් ඒ කටහඩ ඇහෙනකොට ඒ කටහඩට අවනත වෙලා ජන්කුක් කෙලින් වෙන්න උත්සාහ කලා

කෙලින් උනාට පස්සෙයි දැක්කේ තමන් දිහා තවත් කොල්ලෙක් කට ඇරන් බලන් ඉන්නවා. එයාව පෙනුණෙ හරියට කිරිගරුඬ වළින් දක්ෂ සිත්තරෙක් නෙලුව ප්‍රතිමාවක් වගේ

"මෙයාව කොහෙ හරි දැකලා තියෙනවා"

Jung kook තමන්ටම කොඳුරා ගත්ත ඒ කොල්ලා ගෙ මූණට එබෙන ගමන්. ඒක පාරට ම ක්ලාන්ත ගතියක් දැනෙනකොට ජන්කුක් ආයෙමත් බිමට නැඹුරු උනෙ හිර උන පයිප්පෙකින් වතුර අදිනවා වගෙ සද්ධයක් දාගෙන..

මොහොතක් ජන්කුක් දිහා බළපු අමුතු සුදු පාට කොල්ලා එකපාරටම අවකාශයෙන් වතුර ටිකක් ,  සමා වෙන්න . මහ වැලි ගග විතර විතර සයිස් වතුර ටිකක් . අරගෙන Jung kookගෙ මූණට ඉස්සෙ ජන්කුක් ගෙ නහයෙන් කටින් වතුර බේරන්න. ඒ ගහපු පාරෙ හැටියට නම් ජන්කුක් ට හිතුනෙ කොන්දෙ අමාරුවෙන් තමන් මැරිලා යනවාට වඩා ශීඝ්‍රතාවයකින් මේ වතුර පිරවූ නිසා තමන් මැරිලා යයි කියලා..

The curse | TK ✓Where stories live. Discover now