ආයිමත් දවසක 03

1.2K 228 41
                                    

ආයිමත් දවසක..03

වැස්සෙම දුවගෙන  ඉස්තෝප්පුවට ඇවිල්ල කොන්ඩෙ රැදුන ඒ වතුර අතෙන් ගසල අයින් කරන මේ ආඩම්බර කාර ‍රූපෙ දිහා යශිර ඔහේ බලන් ඉදියත් හදිසියේම ඔලුවට ආපු හැගීමක් නිසා එයා  ඒ ඇස් වලින් ඇස් අහකට අරගෙන කාර් එකෙන් බැහැල එන අම්ම දිහායි අක්කගෙ  දිහායි බැලුවා..

අම්මයි අක්කයි කුඩේ යටින් එද්දි තාත්තත් වැස්සෙම තෙමි තෙමි ගෙට ගොඩ උන නිසා  යශිර එයාල දිහා ගොඩ දවසකින් බලන් ඉදියෙ නොදැකපු දවස් ටිකට ඒයාල කොයි තරම් වෙනස් වෙලාද කියල හිත හිත...

"  යශ් පුතේ...".

අම්මගෙ කටහඩින් ආපහු යශිර පරන සිහියටම  එද්දි ඉස්තෝප්පුවෙ ඉදපු හැම කෙනෙක්ගෙම අවදානෙ තිබ්බෙ යශිර දිහාට...

" ආහ්.. එන්න එන්න.. ඔහොමම ඇතුලට එන්න එලියෙ සීතලයි..."

යශිර එහෙම කියල දොරකඩින් ඈත් වෙද්දි අක්ක යශිරගෙ අතට එකක් ගහන ගමන් එයා ලගට ආව..

"ඔන්න ඔයා එන්නෙ නෑ කිව්වනෙ අපි ආව ඔයාව බලන්න...."

................................................................

කට්ටියට වාඩි වෙන්න කියල යශිර ටල් ගාල කුස්සියට ඇවිල්ල වතුර රත් වෙන්න තිබ්බෙ කෝපි එකක් හදන්න..වැස්සෙ ඇවිල්ල අම්මල ඉදියෙ සීතලේ කියල යශිරට දැනුන... අනික තමන්ගෙ ආත්මයම විනිවිදින්න පුලුවන් ඒ ඇස් වල බැල්ම  තවත් දරාගන්න පුලුවන් කමක් යශිරට  තිබ්බෙ  නෑ..

ජීවිතේ හැම දෙයක්ම තමන්ගෙ එකම සහෝදරිය එක්ක බෙදාගත්ත උනත් සමහර දේවල් එහෙම බෙදාගන්න පහසු නෑ කියල යශිර ඉගෙන ගත්තෙ මීට අවුරුදු තුනකට උඩදි...
ඒ පාඩම කොයි තරම් නම් යශිරව රිද්දුවද කියනවනම් පවුලෙම හුරතලා වෙච්ච යශිර තමන් ඒච්චර ආදරේ කරන පවුලම අතඇරල දාල අනාතයෙක්   වගේ මේ අනුරාධපුරයට වෙලා ඉන්න හේතුවත්  ඒකමයි..

එච්චර මග අරින්න හදන ඒ කෙනාවම මෙහෙම දයිවය එයා ඉස්සරහට හැම වෙලේම ඇදන් එන එක ඇත්තටම යශිරට දරාගන්න පුලුවන් වුනේ නෑ.. දැනුත් වැස්සෙ තෙමි තෙමි එයා දිහාට දුවන් එන ඒ ආඩම්බර රූපය දකින වතාවක් පාසා මුලු පපුවම කොයි තරම් වේදනාවෙන් ඇකිලිලා යනවද කියල  දැනෙද්දි යශිර ලොකු හුස්මක් අරගෙන රත් වෙලා ඉවර උන වතුර එක අතට අරන් කෝපි කෝප්ප හතරක් හැදුවා...

ආයිමත් දවසක .Where stories live. Discover now