ආයිමත් දවසක...10

1.2K 196 19
                                    

ආයිමත් දවසක...10

යශිර අතට අහුවෙන ඇදුමක් දාගෙන කලබලේ ලෑස්ති වෙද්දි උදෙන්ම ඇහැරිලා ඉදපු අයියත් කාබරේට ආවෙ යශිරගෙ කලබලේ නිසා..

" සුදූ මොකද ලමයෝ මේ කලබලේ..."

කාබරේ උලුවස්ස ලග ඉදගෙන හරිදු අහද්දි යශිර ඒ දිහා බැලුවෙ මට කතාකරන්න වෙලාවක් නෑ කියන්න වගේ බැල්මකින්

" සුදූ මොකද් උනේ.."

යශිරගෙ කලබලකාරී පෙනුම දැකපු අයිය ටිකක් සීරියස් පිට අහද්දි යශිර කතා කරන්න ගත්තා..

" ලොකු ...විශාල්.. විශාලට සිහිය ඇවිල්ලා.."

...................................................

යශිර දඩි බිඩියෙ දුවන්න හැදුවත් හරිදු එයාට යන්න දුන්නෙ නෑ යශිරට ටිකක් ඉන්න කියල හරිදු ඇදුමක් දාගෙන ආවෙ යශිරව මේ ඉන්න විදිහට තනියම යවන්න බෑ කියල දැනුන නිසා..

යශිර කාර් එකේ ඉසරහ වාඩි වෙලා උදේ පාන්දර ඉර එලියෙන් ටිකෙන් ටික එලිය වෙන පාර දිහා බලාගෙන ඉන්න නොසන්සුන් විදිහ දකිද්දි හරිදු කරේ තව ටිකක් කාර් එකේ වේගෙ වැඩි කරපු එක.......

.................................................
හරිදු කාර් එක් පාර්ක් කරනකල් වත් බලාගෙන නොයිදපු යශිර පුලුවන් උපරිම වේගෙන් හොස්පිටල් එක ඇතුලට ගියා..

එයා විශාල්ව ඇඩ්මිට් කරල තිබ්බ ෆ්ලෝ එකට ගියෙ හිතෙන් මොනව වෙලා ඇද්ද කියල තර්ක කරන ගමන්..

විශාල නවත්තල තිබ්බ කාබරේ ඉස්සරහම තිබ්බ බෙන්ච් එකක් උඩ බිනර වාඩි වෙලා කල්පනා කරකර ඉන්නව දකිද්දි යශිර එතනට ටක් ගාල ගියා...

" අයියෙ..."

"යශ්......"

"අයියෙ විශාල්...."

"බයවෙන්න දෙයක් නෑ අපේ කොල්ල හොදින් මල්ලි...."

බිනර අයිය කාලෙකින් මූනෙ මතු උන හිනාවක් එක්ක කියද්දි යශිර මහ හයියෙන් ගැහෙන පපුවට අතක් තියන් බිනර ලගින්ම වාඩි උනා

......................................................

" බිනර මල්ලිට කොහොමද..."

යශිර මෙච්චර වෙලා අහපු නැති ප්‍රශ්නෙ හරිදු අහද්දි බිනර උගුර පාදගත්තෙ හරුදු දිහා බලන ගමන්...

ආයිමත් දවසක .Where stories live. Discover now