ආයිමත් දවසක 05

1.1K 215 36
                                    

ආයිමත් දවසක....05

" අම්මල සිල් ගන්න ගියාද.."

" ඔව් බන් මන් එයාලව දාල එන්න ගියෙ..."

"ඇහැරෙව්වනම් මමත් එනවනෙ..."

"උබ නිදන් ඉදපු නිසා ඇහැරවන්න හිතුනෙ නෑ අනික මහසියෙන්නෙ ඉදියෙ.."

"හ්ම්ම්.."

"බඩගිනිද... කිරි එකක් හදල දෙන්නම්.."

"හා..."

විශාල් ඇස් ලොකු කරගෙන කියද්දි යශිරට හිනාවක් යන්නත් ආව.

" කෝ නෝන දොයිද තාම..."

"ඔව් බන්...මන් ඇහැරෙව්වෙ නෑ.. "

...........................................................

යශිර ගේ ඇතුලට එද්දි විශාල් යශිරගෙ පිටිපස්සෙන්ම ආවා..

" මාර සීතලයිනෙ බන්.නුවරඑළියේ ගියා වගේ..."

"මේ කාලෙට මෙහෙම තමා බන් සීතලයි..."

යශිර  විශාල්ට කියන ගමන් හීරටේ ඔන් කරා...

" යශ්..."

"කියපන්..."

"මෙහෙට වරෙන්කො පොඩ්ඩක්.."

විශාල් කුස්සියෙ තිබ්බ පුටුවකින් වාඩි වෙලා කියද්දි යශිර එයා ලගට ගියා..

" ම්... කියපන් ඉතින්..."

"නෑ මේකයි... උබ දිගටම මෙහෙම ඉන්නද කල්පනාව...."

"හ්ම්ම්ම්... ඔව්.. ඒත් ඇයි උබ එහෙම ඇහුවෙ..."

" නෑ.. අම්මල උන ගැන ටිකක් බයෙන් ඉන්නෙ බන්.. මෙහෙ කවුරුත් ඇත්තෙත් නෑ ලෙඩක් දුකක් හැදුනොත් උබ තනියමනෙ..අනූත් ගොඩක් අවුලෙක් ඉන්නෙ ඒක නිසා..."

" මන් බබෙක් නෙවෙයිනෙ විශාල්.. මට මන් ගැන බලාගන්න පුලුවන්..."

"මන් ඒක දන්නව... ඒත් බන්.. උබට මීට වඩා හොද ජොබ් එකෙක් එහෙන් හොයාගන්න පුලුවන්නේ..."

"මට  මේ ජොබ් එක හොදයි බන්.. උබ අනූගෙ කීමට මාව එහෙ ඇදන් යන්න හිත වෙනස් කරන්න හදනවනම් ඒක අමතක කරපන් මම මෙහෙට කැමතී මට මේ ජොබ් එකත් හොදයි..."

යශිර ටිකක් සැරෙන් වගේ කියලා නැගිටල වතුර හීටරේ ලගට ගිහිල්ල කිරි එකක් හදන්න ගත්තා... විශාල්ට සාමාන්‍යයෙන් උදේ කිරි එක ඕනිමයි කියල යශිර දන්නෙ පොඩි දවස් වල ඉදල...

ආයිමත් දවසක .Where stories live. Discover now