ආයිමත් දවසක...06

1.1K 203 40
                                    

ආයිමත් දවසක...06

දිගටම රිංග්ස් යන ෆෝන් එක නිදි මරගාතෙම අතට ගත්ත යශිර ෆෝන් එකේ ඩිස්ප්ලේ එකෙන් පේන නොදන්න ලෑන්ඩ් ලයිට් නම්බරය දිහා බලන් ගමන් ඒක ආන්සර් කරේ කවුද කතා කරන්නෙ කියල හිතාගන්න බැරිව..

"හලෝ...."

"හලෝ කවුද මේ...."

"මේ මිස්ට යශිර නේද..."

"ඔව් කවුද මේ...."

" මේ කුරුණෑගල හොස්පිටල් එකෙන් කතා කරන්නෙ...."

...............................................................

වැස්ස අතරින් යශිර බයික් එක උපරිම වේගෙන් කුරුනෑගල පැත්තර අරන් ගියා...හෙල්මට් එකේ ඉස්සරහ ප්ලාස්ටික් වින්ඩ්ස්ක්‍රීන් එක වතුර බින්දු වලින් නොපෙනන තරම්ම උනත් යශිර කාගෙන ඉස්සර්හට ගියෙ ෆෝන් එකෙන් ඇහුන වචන ගැන කල්පනා කරන්නෙ එපා කියල හිතට කෑ ගහන ගමන්...

වෙනදට පැය එකහමාරක් දෙකක් විතර යන ගමන් පැයකින් මේ වැස්සෙ ආවද කියල වත් හිතන්නෙ නැතුව බයික් එක වැස්සෙම පාර අයිනෙ නවත්තපු යශිර දුවන් ගියෙ හොස්පිටල් එක දිහාට.. යන්න තැනක් දන්නෙ නැති නිසා එයා කොරිඩෝ එකේ ඉදපු මේල් නර්ස් කෙනෙක් ලග නතර උනා....

" එස්ක්කියුස් මී ...ඉමර්ජන්සි වෝඩ් එක කොහෙද..."

යශිර අහද්දි ඒ නර්ස් හොදට යශිර දිහා බලනගමන් කල්පනා කරේ හොදරම තෙමිල ඇස් රතු වෙලා ඉන්න මේ අමුතුම කඩවසම් කොල්ල දිහා..

" මේ කොරිඩෝ එකේ කෙලින්ම ගිහිල්ල දකුනට යන්න එතනින් පඩිපෙල බැහැල වමට යන්න එතන තමා වෝඩ් එක..."

යශිර ඒක අහගෙන අඩුම ගානෙ තෑන්ක්ස් කියන්න වත් නොයිද ඒ පෙන්නපු පැත්තට දිව්ව...

යශිර ඉමර්ජන්සි වෝඩ් එකට ගිහිල්ල ඉස්සරහ කවුන්ටර් එකේ ඉදපු ගෑනු කෙනාට කතා කරද්දි එයා බයවෙලා වගේ යශිර දිහා බැලුව...

" දැන් ටිකකට කලින්  කාර් ඇක්සිඩන්ට්  එකකින්  ගෙනාව කට්ටිය කොහෙද...."

යශිර අහද්දි එතන ඉදපු නර්ස් යශිර දිහා බැලුවා....

" මේ මිස්ට යශිරද..."

" ඔව්..."

"මමයි ඔයාට කෝල කරේ..."

"අනේ නර්ස් කොහෙද මගෙ අම්මලා...."

ආයිමත් දවසක .Where stories live. Discover now