Part 02

417 133 31
                                    

•••••••" ජින් pov "•••••••

"  චෝහිව එක්කගෙන එනකල් හනාට පුලුවන්ද චින්සුව බලාගන්න.. මං ඔම්මටත් එන්න කියන්නම්... "

" ම්..මං... "

" මං ඉක්මනට එන්නම්... "
තවත් මුකුත් කියන්න කලින් චින්සුගෙ නලලට හාදුවක් තියලා මගෙ ළඟ හිටපු හනාගෙ අතට චින්සුව දීලා කාමරෙන් එලියට ආවෙ කොහොම හරි චෝහිව ඉන්න තැනකින් එක්කගෙන එනවා කියලා හිතාගෙන....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
" චෝහි...... චෝහී...... "

" සර්.. ඔයාට මෙහෙම ඇතුලට යන්න බෑ... සර්.... මං කියන එක අහන්න... "

" එහාට යනවා... "
සිකියුරිටි එකේ කෙනෙක් මගෙ පස්සෙන් කෑගගහා එද්දි මං ඒ මනුස්සයව කනකට ගන්නෙ නැතුව ශිවොන්ගෙ ගේ ඇතුලට ගිහින් චෝහිට කතා කලා...

" චෝහි.... ඉන්න තැනකින් එනවා... "

" ඔහ්... මිස්ටර් කිම්සොක් ජින්... "

" චෝහි කොහෙද... "
උඩ තට්ටුවෙ ඉදන් අත්වැටට බරවෙලා පහල බලන් හිටපු ශිවොන්ගෙන් මං ඇහුවෙ කේන්තියට මගෙ ඇගිලි මිටමොලවගෙන...

" එයාට පොඩ්ඩක් මහන්සි ඒක නිසා රෙස්ට් කරනවා.. මොකටද ආවෙ... "
ශිවොන් හිනාවෙන ගමන් මගෙන් එහෙම අහද්දි මං කලේ පඩිපෙල නැගගෙන චෝහි හිටපු room එකට යන්න හදපු එක.. ඒත් ශිවොන් මගෙ මග හරස් කලා..

"  එහාට පලයන්... "

" චෝහි ආපහු එන එකක් නෑ... ඒක නිසා ආපු අතක්බලාගෙන යනවා මිස්ටර් කිම්සොක් ජින්... "

" පැටියො.. මොකද මේ සද්දෙ... "

චෝහි....

ශිවොන්ගෙ කාමරේ ඉදන් ආවෙ චෝහි..
ඇස් දෙකත් පොඩිකරන ගමන් ඇගේ දැවටිලා තිබ්බ බෙඩ්ශීට් එක තවත් අත්වලට කැටි කරගෙන  ශොවෝන්ගෙ කම්මුලට තොල් තිබ්බෙ මං එයා ඉස්සරහා ඉන්නවා කියලවත් ගානක් නැතුවා...

" මොකද්ද මේකේ තේරුම චෝහි.. "

" ඔහ්... ඇති...
මට ඔයාගෙ කටහඩ ඇහෙද්දිත් ඔලුව රිදෙනවා ජින්...
අපි අතරෙ ආපහු කිසිම සම්බන්ධයක් නෑ... මාව හොයාගෙන එන්නත් එපා... "

" එතකොට අපේ ළමයා... චින්සු...... "

" අපේ ළමයා නෙවෙයි... ඔයාගෙ ළමයා..
මට ඔයාගෙ කිසිම දෙයක් ඕනෙ නෑ..
මට මගෙපාඩුවෙ ඉන්න දෙන්න.. "

His Savior [Completed]Where stories live. Discover now