Author Note

358 102 33
                                    

හායි හායී.....

නොකියා යන්න බැරි කතාවක් නිසා මෙහෙම author note එකක් දාන්නේ...

Part 03 එකේ අවසානෙට කියන්න හිටියත් ඒ කොටස තවත් දිග්වෙන නිසා වෙනමම කොටසක් විදිහට දාන්නම්...

මුලින්ම කතාව ලියන්න අදහස ආවෙ..
මං බලපු වීඩියෝ එකක්...
ඒකත් ලංකාවෙ...
ඉදපදිලා දවස්ගානක් වුන චූටි කිරි කැටියෙක්ව පාරෙ දාලා ගිහින් තිබුනා...
පැටියව හොයාගත්ත පොලිසියෙ අය චුට්ටව නාවලා කරලා කිරි දුන්නා...
ඒකත් වෙන දරුවෙක්ගෙ අම්මා කෙනෙක්...
තමන්ගෙම දරුවෙක්ට වගේ පැටියව තුරුල් කරගෙන...

කෙනෙක්ට අම්මා කෙනෙක් වෙන්න ලැබෙනවා කියන්නෙ තවත් ජීවිතයකට පනක් දෙන්න පුලුවන් කියන එකයි...
මේ ලෝකෙ අම්මා ගැන කියනවා නම් ඔයත් මමත් දන්නවා අපිට දෙන්න උපමා නැති තරම්...

එහෙම භාග්‍යක් ලැබිලත් සමහර ගෑනු අය ඉන්නවා ඉපදිලා දවසින් චූටි පැටියව විසිකරලා යන.. .

ඒ වගේම හනා වගේ අයත් මේ ලෝකෙ ඇති තරම් ඇති...
ගෑනු කෙනෙක් වෙලත් තමන්ගෙ කුසේ දරුවෙක් වදන්න තරම් වරම් නොලැබුණ...

ඒත් ඒ හිත් අස්සෙ හැංගුන ආදරේ ඕන තරම්...
දරුවෙක් බිහිකරන්න බැරි අම්මා කෙනෙක්ට කිරි දෙන්න පුලුවන්ද කියන එක මං හරියටම දන්නෙ නෑ...මොකද මං එහෙම අය දැකලා නෑ

ඒත් මට ඕන වුනේ...
හනාගෙ තිබුන දරු කැක්කුම පෙන්නන්න..
වෙන දරුවෙක්ගෙ බඩගින්නට වුනත් තමන්ගෙ ලේ කිරිකරලා දෙන්න පුලුවන් ගෑනු අය මේ ලෝකෙ ඉන්නවා කියන්න...

ඉතින් මට කියන්න ඕන වුන කතාව ඕක..
හිතට වැදුනද කියලා නම් දන්නෙ නෑ...

තව කතාවට නමක් දුන්න නිරා අක්කවත් මතක් කරනවා... Mochiqueen99

කතාව කියවලා හොර පාරෙන් යන්නෙ නැතුව කමෙන්ට් එකක් දාගෙන යන්න..
❤️😘

His Savior [Completed]Where stories live. Discover now