Part 03 (End)

506 137 62
                                    

•••••••" ජින් pov "•••••••

ඔම්මගෙ වදේට වේලාසන ගෙදර එද්දි වෙනදා වගේම මං හනා කන්න කැමති පලතුරු වගයක් ගත්තා..
ඉස්සර චෝහිටත් මං මේවගේම එක එක කෑම ජාති අරන් ගියේ පැටියට කිරි දෙන නිසා... හෙයිසු හම්බුන මුල් කාලෙදි අප්පත් ඔම්මට මේ වගේ කෑම පුරවපු මල්ලක්ම අරන් ගියා මට මතකයි...
හැබැයි මේක දුන්නම හනාගෙ මූණයි බලන්න ඕන...
ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්න විදිහට මං හිනායන එක නතර කරගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන්...

බඩු ටිකත් අරන් ගෙට ගොඩවුනත් කෙල්ලව දැක්කෙ නැති නිසා ගේ හැමතැනම හොයලා බලලා අන්තිමට ඔම්මගෙන් අහද්දි කිව්වෙ ගෙදරට බඩුවගයක් ගන්න එලියට ගියා කියලා..

හනා ඉක්මනට එයි කියලා හිතුවත් ඔම්මගෙ යාලුවො එනකනුත් එයා ගෙදර ආවෙ නැහැ.. ඔම්මා කතා කරන සද්දෙ ඇහෙද්දි මං චින්සුවත් වඩාගෙන පහල තට්ටුවට ගියේ ඇවිත් හිටපු
තරුණ ගෑනු ළමයට වගේම ඔම්මගෙ වයසෙ හිටපු ගෑනු කෙනාටයි පිරිමි කෙනාටයි ආචාර කරලා..

ඔම්මා එයාලා එක්ක ආගිය තොරතුර කතා කරන අතරෙත් මගෙ ඇස් විඩෙන් විඩේ නතර වුනේ බිත්ති ඔරලෝසුව ඉස්සරහා...

" මං ටිකක් බබාව වඩාගන්නද... "
මගෙ ඉස්සරහා ඉදගෙන හිටපු ගෑනු ළමයා එහෙම අහද්දි මගෙ හිත චින්සුව දෙන එකට අදිමදි කලා..
කොල්ලා අදුරන්නෙ නැති අය එක්ක ඉන්න නම් කීයටවත් කැමති නෑ...
ඒත් ඉතින් එයාටත් අසා ඇතිනේ මේ හුරතලේ දකිද්දි...
මං පරිස්සමට චින්සුව එයාගෙ අතට දීලා බලාගෙන හිටියා...

" දැන්ම එකතුවෙලා වගේ අපේ දුවත් එක්ක... "

" ඒකනේ.... "

" ඉතින් පුතා මොකද කියන්නෙ proposal එකට... අපේ දුව නම් කැමතී... "

Proposal....
චින්සු දිහා බලන් හිටපු මං උඩබිම් බැලුවෙ මෙයාලා කියන දේවල් අහලා..
අර ගෑනු ළමයා චින්සුව අතේ තියාගෙන මං දිහා බලලා හිනාවුනා..
ඒ කියන්නේ....

" ජින්... පුතේ....
ඔයාට proposal එකක්...
මේ දරුවා කැමතී මැරේජ් එකට.."

" ඔම්මා... ඔයා මොනවද කියන්නේ... "

මට ආවෙ කේන්තියක්...
ඇවිත් හිටපු කෙල්ල කැමතී චින්සුව එයාගෙ දරුවෙක් විදිහට භාරගන්න...
ඒත් මොකටද...
ආපහුවතාවක් අකමැති බැඳීමක් ඉස්සරහට ගෙනියන්නෙ ඇයි....
අනික දැන් චින්සුට එයාගෙම කියලා ඔම්මා කෙනෙක් ඉන්නවා...

His Savior [Completed]Where stories live. Discover now