01|Cupcakes Art

699 116 22
                                    

"අයිෂ් Cupcake හෙල්ලෙන්නෙ නැතුව ඉන්නකෝ මේක මං අදින්නෙ කොහොමද " කොල්ලා කිව්වෙ තමන්ගෙ ඉස්සරහ ඉන්න  කෙල්ල එහෙට මෙහෙට ඇබරෙනවා දැකලා.

"මියානේ ඉතින්. මට ඔයා ඕක අදිනකන් ගලක් වගේද ඉන්නෙ කියන්නෙ. ඉක්මනට අදින්නකෝ ජන්කුක්"

ජන්කුක් හිටියෙ එයාගෙ Cupcake ගෙ චිත්‍රයක් ඇද ඇද. ඇදලා ඉවර කරපු ජන්කුක්,

"It's finished "

"Really.......wahh....babe it's gerogerous"

කෙල්ල ඒ ජන්කුක් ලගට ගිහින් ඒ චිත්‍රෙ අතට ගන්න ගමන් කිව්වා. කෙල්ල නම් ඒ චිත්‍රෙට වශී වෙලා.

"I know I'm talented"

කොල්ලා ඒක ටිකක් ආඩම්බරෙන් කිව්වහම කෙල්ලත් ඒක අනුමත කරන්න ඔලුව වැනුවා.

"Cupcake "

"Hmm...."

"දවසම ඕක දිහා බලන් ඉන්නද කල්පනාව"

"අනි අනි..... මං බැලුවෙ මං මෙච්චර ලස්සනද කියලා "

"මං ඔයාව ලස්සන කරලා ඇන්ද නිසයි ඕක ලස්සන...........Ah it's hurt Cupcake "

කෙල්ලට ඒකට තරහ ගිය නිසා ජන්කුක්ගෙ ඔලුවට එකක් ගැහුවා. කොල්ලට ඒක රිදුනා කියලා දැනගත්ත කෙල්ල  දුවන්න හැදුවත් ඊට කලින් ඉක්මන් වුන ජන්කුක් කෙල්ලව අතින් ඇදලා අරගෙන තමන්ගෙ ඔඩොක්කුවට ගත්තා.

"Leave me jungkook....... මට කුචි..... හයියො හුම්ම ගන්න බෑ" 

ජන්කුක් කෙල්ලව අරගෙන කුචි කවන්න ගත්ත නිසා කෙල්ල හිනාවෙවීම ජන්කුක්ගෙන් ගැලවෙන්න හැදුවෙ හිනාවෙලාම මැරෙයි කියලා බයට. එක පාරට කෙල්ලගෙ කකුලක්  පේන්ට් අහුරලා තිබ්බ රැක් එකේ වැදුනෙ එතන තිබ්බ දම් පාට තීන්ත බකට් එක වැටිලා ඒ තීන්තවලින් දෙන්නම නෑවිලා යද්දී.

"අහ්....කුකී.....බලන්න කරපු වැඩේ" කෙල්ල කෑ ගැහුවෙ ඔලුවෙ ඉදන් තීන්ත වැක්කෙරෙද්දි

"කෙල්ලනම් දැන් මිදි ගෙඩියක් වගේමයි"

"I hate you kookie "

"I love you too Cupcake " කොල්ලා එහෙම කියන ගමන් ටිකක් ඉතුරු වෙලා තිබ්බ තීන්ත බකට් එකට අත දාලා පේන්ට් ටිකක් අරගෙන කෙල්ලගෙ මූණෙ ගාන්න ලෑස්ති වුනා

"Kookie no no.....don't do that.....අනියා....කුකී එපා....ආ....කුකී!!"

ජන්කුක් කොහොම හරි කෙල්ලගෙ මූණෙ ඒ ටික ගෑවා.

"My Cupcake is so cute"

ජන්කුක් කියන්නෙ world famous artist කෙනෙක්. කොල්ලට ඒ තැනට එන්න උදව් කලේ එයාගෙ කප්කේක්.  දෙන්නගෙ ආදරේ පටන් ගන්නෙ මීට අවුරුදු පහකට කලින් තිබ්බ චිත්‍ර තරගයකින්. 

කොල්ලට තිබ්බෙ පැය දෙකක් ඇතුලත චිත්‍රයක් ඇදලා දෙන්න. එක එක අදහස් ජන්කුක්ගෙ ඔලුවට ගලාගෙන ආවත් ඒ හැම එකකටම වඩා එයාගෙ හිත ගියෙ competition hall එකේ හිටිය staff girlට. කොල්ලට එයාව පෙනුනෙ කප්කේක් එකක් වගේ. ජන්කුක්   කෙල්ල දිහා බල බල ඒ චිත්‍රෙ අදින්න ගත්තා.

කෙල්ල දැක්කා කොල්ලා තමන් දිහා බල බල චිත්‍රෙ අදින විදිය. කෙල්ල එයාගෙ යාලුවව ජන්කුක් ලගට යැව්වෙ මොකක්ද එයා අදින්නෙ කියලා බලන් එන්න. තමන්වයි අදින්නෙ කියලා දැනගත්ත කෙල්ල එතනටම වෙලා හිටියෙ ජන්කුක් එයාව ඇදලා ඉවර වෙනකම්. එතනින් පටන් ගත්ත ඒ ආදර කතාවට දැන් අවුරුදු පහක්.

Continue >>

Cupcakes Art🥀 ᵒⁿᵉˢʰᵒᵗ° ᶜᵒᵐᵖˡᵉᵗᵉ° ||JJK FF||Where stories live. Discover now