04|End of this Art

506 125 67
                                    

Next day morning

මූණ වැටුන ඉර එලියට නැගිට්ටුන ජන්කුක් ඇස් ඇරලා බලද්දී දැක්කෙ තමන්ගෙ නිරුවත් පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉන්න එයාගෙ කියුට් Cupcakeව. කෙල්ල දිහා ටික වෙලාවක් බලන් හිටිය ජන්කුක් නැගිට්ටවන්න ලෝබ හිතුනත් ගොඩක් දවල් වෙලා නිසා කෙල්ලව නැගිට්ටුවා

"Babe....නැගිටින්න දවල් වෙලා....." ජන්කුක් කෙල්ලගෙ කම්මුලට හාදුවක් තියන ගමන් කිව්වා.

" Cupcake නැගිටින්න තව නිදාගත්තොත් මරුවට තියෙයි.... ආශ් baby නැ- "

ඒත් එක්කම කොල්ලගෙ අතේ වැදිලා වැටුනෙ කෙල්ල දුන්න කප්කේක් පෙට්ටිය. එක කප්කේක් එකක් එලියට වැටුන නිසා ඒකෙ තිබ්බ අයිසින් ටික බිම ගෑවුනා. ජන්කුක් එක ගන්න නැමෙද්දී දැක්කෙ පෙට්ටිය ලගම වැටිලා තියෙන හතරට නවපු කොලයක්. ඒක අතට අරන් දිග ඇරිය ජන්කුක් ඒකෙ මොනාදෝ ලියලා තියෙනවා දැකලා කියවන්න පටන්ගත්තා

My prince kookie ,

මේක කියවනකොට මං ඔයා ලග නැතිවෙයි.මට තවත් ජීවත් වෙන්න කාලයක් ඉතුරු වෙලා නෑ මැණික. මියානෙ.....මගෙ මොලේ ගෙඩියක් කුකී. ඒක ගොඩක් රිදෙනවා කුකී. මට හැමදේම අමතක වෙනවා. නහයින් කටින් ලේ දානවා. ඒ වේදනාවට වඩා මගෙ හදවත රිදෙනවා. ඒ ඔයාව දාලා යන්න සිද්ද වෙන එක. එක අතකින් මං සතුටු වෙනවා මගෙ කුකීවත් අමතක වෙන්න කලින් මේ ලෝකෙන් යන්න වෙන එක ගැන. මියානේ මැණික  මං වෙනුවෙන් තවත් බලන් ඉන්න එපා.... ඔයාගෙ ජීවිතේ හදාගන්න. තව තව චිත්‍ර අදින්න. මං ඔයාට ගොඩක් ආදරෙයි මගෙ කුකී. ඒ ආදරේ කවදාවත් නැතිවෙන්නෙ නෑ. ඔයා මාව ඔයාගෙ කරගත්තා මැණික.
ඔයාගෙ Cupcake ට යන්න වෙලාව ඇවිත්. මියානේ කුකී. පරිස්සමෙන් ඉන්න.......

                         your Grapey Cupcake

ජන්කුක්ට ඒ කෙල්ලගෙ අකුරු හැම එකක්ම දැනුනෙ තමන්ට පිහියෙන් අනිනවා වගේ හැඟීමක්.කොල්ලට ඒක දරාගන්න බැරි වුනා. පොඩි කාලෙ ඉදන් වෙන්වීම් ගොන්නක් දාරාගත්ත කොල්ලෙ කෙල්ලගෙ වෙන්වීම දරාගන්න බැරි වුනා.

"අනි අනි ඒක..... Cupcake නැගිටින්න....මැණික... නැගිටින්න රත්තරන්...." ජන්කුක් එක දිගට ගලාගෙන යන තමන්ගෙ කදුලුත් එක්ක කෙල්ලගෙ කම්මුලට තට්ටු කර කර කෙල්ලව නැගිට්ටවන්න උත්සහ කරනවා. ඒත් එයා දැනටමත් පරක්කු වැඩියි ඒකට

"අනේ.....කප්කේක් නැගිටින්න ඔයාගෙ කුකී පව් මැණික....ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ මේ දේ ගැන මං ඔයාව කොහොම හරි හොදකරනවා මැණික.... මාව දාලා යන්න එපා"

ජන්කුක් කෙල්ලගෙ පපුවට තුරුල් වුනෙ එයාගෙ කප්කේක් එක එයාව දාලා යන්න ගිහින් නිසා. කිසි හැගීමක් නැතුව කෙල්ලට තුරුල් වෙලා හිටිය ජන්කුක් නැගිටලා ගියෙ මේසෙ ලාච්චුව ලගට. කොල්ලා ඒකෙන් ගත්ත පොඩි බෝතලේක මූඩිය ඇරියා. කොල්ලා එයාගෙ අතට ගත්තෙ කෙල්ල අන්තිමට හදපු  කප්කේක් එකක්. බෝතලේ ඇතුලෙ තිබ්බ දියර ටික කප්කේක් එකට හැලුව ජන්කුක්,

"මියානෙ කප්කේක් මං එන්නම් ඔයා ලගට"

කොල්ලා කප්කේක් එක තමන්ගෙ කටට දාගත්තා. ඒක උගුරෙන් පහලට සම්පූර්ණයෙන්ම ගියාට පස්සේ  දැනටමත් පණක් නැති ජන්කුක් වැනී වැනී ගියෙ ඇද උඩ වැතිරිලා ඉන්න කෙල්ලගෙ නිසල සිරුර ලගට.

ඔම්මවත් නැති මේ තනි වෙච්ච කොල්ලට ඔම්මා වුනෙ එයාගෙ Cupcake. ලොකුම ලොකු ගෙදරක ලස්සන ජීවිතයක් ගෙවන්න පුලුවන් වුනෙ එයා නිසා. තමන්ට හිටිය එකම කෙනෙත් එයාව දාලා යද්දී එයාට තවත් තනි වෙලා ඉන්න ඕන වුනෙ නෑ.

කොල්ලට තවත් ජීවත් වෙන්න කාලයක් ඉතුරු වුනෙ නෑ. කොල්ලගෙ කටින් නොනවත්වාම සුදු පාටට  පෙණ දාන්න ගද්දී මූණට ආව පුංචි හිනාවත් එක්ක ජන්කුක් එයාගෙ ආදරේ ලග වැටිලා තමන්ගෙ අන්තිම හුස්ම හෙලුවෙ දෙන්නම තවත් ජීවිතයකට යද්දී.

සාලේ තිබ්බ ජන්කුක් ලස්සන ඇන්ද කෙල්ලගෙ රූපෙ  තිබ්බ පාට එකින් එක දියවෙලා පහලට බේරෙන්න ගත්තෙ ඒ මූසල කම ඒකටත් දැනුන නිසා වෙන්න ඇති.

End of Cupcakes Art

_________________________________________

ඒ ගෑනු ලමයට මං නමක් දුන්නෙ නෑ. ඕගොල්ලෝ කැමති නමක් හිතාගන්න

නිකන් ආපු අදහසක් මං ටයිප් කලේ.....

මේකට කලින් චැප්ටර් එකෙදී මට ටයිටැනික් සීන් එක මතක් වුනා🤭😂

Thanku කියවලා වෝට් කරලා කමෙන්ට් කරන හැමෝටම

සරන්ග්හේ Grapes 🍇❤

-Author Wonder woman-

🎉 You've finished reading Cupcakes Art🥀 ᵒⁿᵉˢʰᵒᵗ° ᶜᵒᵐᵖˡᵉᵗᵉ° ||JJK FF|| 🎉
Cupcakes Art🥀 ᵒⁿᵉˢʰᵒᵗ° ᶜᵒᵐᵖˡᵉᵗᵉ° ||JJK FF||Where stories live. Discover now