💚 තුන්වෙනි ඇරඹුම .....

2.4K 502 143
                                    

💚❤️  THE NEW BEGINNING 💚❤️.....

( කතාව දැන් පටන්ගන්නෙ යීබෝ ප්‍රපාතෙන් වැටිලා  මාසෙකට පස්සෙ ඉදන් හොදේ..... මේකෙ යීබෝගෙ සිතුවිලි එහෙම නැත්නම් එයා හිතන විදිහ මම ලියන්නේ .. තද කලු අකුරින්... හොදේ....)

මසකට පසුව......

එක්වරම යිබෝ අවදිවිය... ටික හරියට පැය ගණනාවක් එක දිගට නිදාගෙන සිටි අයුරින් ඔහුගේ දෙනෙත්  බරවී තිබුනි ... ඔහු අවදි වූ වත් තාමත් ඔහුට ඔහුගේ දෙනෙත් හැර ගන්නට නොහැකිය ... කිහිප වතාවක් ඇස් පිල්ලම් ගසමින් දෙනෙත් විවර කරන්නට උත්සාහ කලත් වෑයම අසාර්ථක විය ....ඔහු යළිත් මනසින් මදක් සන්සුන් විය ....ඔහු තවත්  ටික වේලාවක් අවට පරිසරයට  හොඳින්   ඇහුම්කන් දුන්නේ ය ..... වරින් වර කුමක් හෝ ආයුධයකින් පොලව කොටන හඬ පමණක් ඔහුට ඇසෙන්නේය....

යීබෝ යලිත් සෙමින් ඔහුගේ දෙනෙත් විවර කරන්නට උත්සාහ කළේය .... එවර නම් ඔහුගේ උත්සාහය සාර්ථක විය ..... එක්වරම දෙනෙත් විවර කළ නමුත් සැණින් ඔහු දෑස් පියා ගත්තේ ය.....එක්වරම දෑස් මතට වැටුණු තද ආලෝකය ඔහුට දරාගන්නට නොහැකි විය .... ඉන් පසුව ඔහු යළිත් සෙමෙන් සෙමෙන් අවට ඇති ආලෝකයට දෑස් හුරු කරවමින්  දෙනෙත් විවර කළේය ...ඔහුට හෙළ වෙන්නට නොහැකි ය .... සිරුරට උෂ්ණත්වයක් ද දැනෙන්නට පටන් ගත්තේ ය .... හිස පමණක් එහා මෙහා කරන්නට හැකි නිසා ඔහු මුලින්ම මුලින් ම ඔහුට ඉහළ ඇති වහලය දෙස බැලුවේය .... තරමක් පැරණි නිවසක් විය හැකිය ... වහලයට ගසා ඇති සිවිලිං දුර්වර්ණ වී ඇති ආකාරය ඔහු දුටුවේය .... වහලේ ඔහුට ඉහළින් විදුලි පංකාවක් සවි කර තිබුණි ඊටත් මදක් එහායින් විදුලි බුබුලක් ඔහු දුටුවේය ..... සෙමෙන් සෙමෙන් වහලෙන් දෙනෙත්  ඉවත් කරගත් යිබෝ ඔහුගේ දෑස් මානයට පෙනෙන වටපිටාව වෙත දෑස් යොමු කළේය .... කෙටි ජනෙල් පේලියක්  ජනෙල් තිර ඈත්කර ජනෙල් පියන් විවර කර තිබුණි .... ඊළඟට  එතැනම මේසයක්  තවත් ටිකක් එහායින් කුඩා ඇඳුම් ඇඳුම් අල්මාරියක් ..... බිත්තියට ඇණ ගසා සවි කරන ලද ඇඳුම් රෑක් එකක එල්ලා ඇති පිරිමි ඇඳුම් කිහිපයක් .... තවත් දෑස් මෙහාට ගෙනෙද්දී කාමරයෙන් පිටතට යන දොරක් සහ ඔහුගේ ඇඳට මදක් එහායින් තබා ඇති කුඩා මේසයක් මත මොනවාදෝ බෝතල් රාශියක්ද විය......

 ❤️💚 THE NEW BEGINNING ❤️💚......... yizhan fan fiction ( Complete  )Tahanan ng mga kuwento. Tumuklas ngayon