Still...???😐💔

180 36 20
                                    

දැන් උදේ වෙලා...තාම ලෑන් ශෑන් වාදනය නැවැත්තුවෙ නෑ...එයා එයාගෙ උපරිමයෙන්ම කරනවා ...

ඒත් තාමනම් වෙයි යින්ග් නැගිට්ටෙ නෑ...

විනාඩි කිහිපයකට පස්සේ වෙයි යින්ග් හීනෙන් වගේ කාගෙදෝ මන්දා නමක් මුමුනනවා වගේ ඇහුනු නිසා ලෑන් ශෑන් වෙයි යින්ග් ඉන්න තැනට ගියා..

එයා එතනට ගියාට පස්සෙ එයාට හොදටම ඇහුනා වෙයි යින්ග් හීනෙන් මිමිනුවේ කාගෙ නමද කියලා....

ලෑන් ශෑන් ටිකක් කලබල වුනා ..මොකද මේ වගේ අවස්ථාවක කාවුරුනත් මානසිකව වැටෙන බව ලෑන් ශෑන් හොදින්ම දන්නවා..මොක්ද එයාට එහෙම අත්දැකීමක් තියෙනවා..

" වෙයි යින්ග් ...වෙයි යින්ග් .." ලෑන් ශෑන් වෙයි යින්ග් ඉන්න ඇදේ කෙලවරේ ඉද ගන්න ගමන් වෙයි යින්ග්ව ඇහැරවන්න හැදුවත් ඒකනම් සාර්ථක වුනේ නෑ...

ඒ නිසා ආයෙත් ලෑන් ශෑන් , " වෙයි යින්ග් ...නැගිටින්න ..." ටිකක් විතර හයියෙන් කිව්වා..

ඒ කියපු සද්දෙටනම් එක පාරටම වෙයි යින්ග් නැගිට්ටා...ඒත් ඒකටමත් කියන්න බෑ...මොකද වෙයි යින්ග් " අම්මා.." කියලා කෑ ගහගෙන නැගිට්ටේ...

වෙයි යින්ග් නැගිට්ටට පස්සේ ටිකක් කලබල ස්වාභාවෙන් ඉන්නව දැක්ක ලෑන් ශෑන් වෙයි යින්ග්ට කතා කරන්න තීරණය කලා..

"වෙයි යින්ග් ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ නේද.? " ලෑන් ශෑන් වෙයි යින්ග්ව අමතන ගමන් වෙයි යින්ග් ළගින් නැගිටලා එයාගෙ ඉස්සරහයින් හිට ගත්තා ....

" ලෑන් ශෑන් ..මේ මොකද වෙන්නෙ...මම දැක්කේ හීනයක් නේද...මගෙ අම්මා මැරුනෙ නෑ නේද...එයා තාම අපි එක්ක ඉන්නවා නේද...කියන්නකො ලෑන් ශෑන් ගොළුවෙක් වගේ මම දිහා බලන් ඉන්නෙ නැතුව..." වෙයි යින්ග් පිස්සුවෙන් වගේ කියවන ඒවා ලෑන් ශෑන් අහගෙන හිටියා...ඊට පස්සේ වෙයි යින්ග් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑන් ශෑන් තීරණය කලත් එයාගෙ හිතට පොඩි දුකක් ආවා වෙයි යින්ග්ගෙ හිත රිදෙයි කියලා...ඒත් එයා අමාරුවෙන් හරි උත්තර දෙන්න තීරණය කලා..

" වෙයි යින්ග් ..ඔයාගෙ අම්මා ඔයාලාව දාලා ගියා...ඔයාට ඒක පිළිගන්න වෙනවා..සමාවෙන්න ..."

🍁 The Princes 🍁 (On Hold Slow Updates 😌)Where stories live. Discover now